නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස දීපා ලියනගේ මහත්මිය පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ මහත්මිය අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපිය භාර ගත්තේය.
දීපා ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.