• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් – සෞඛ්‍ය අමාත්‍යංශය

29 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදීය. එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මේ සඳහා එක්ව සිටියහ.

නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තුළින් දුම්වැටි භාවිතයද අවම කිරීමට හැකිවනු ඇති අතර බදු ප්‍රතිපත්තියට අදාළ කෙටුම්පත මේ වන විට සකස් කර ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි. ලොව අනෙකුත් රටවල ක්‍රියාත්මක බදු ප්‍රතිපත්තීන් පිළිබඳවද අධ්‍යයනය කරමින් නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මෙහිදී සාකච්ඡා කෙරිණි. එමෙන්ම 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත වර්තමානයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමටද පියවර ගැනේ.

ඒ අනුව දුම්වැටි සිල්ලරට අලෙවිය, පොදු ස්ථාන වල දුම් පානය, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් අදාළ පනත සංශෝධනය ඔස්සේ දැඩි නීති රීති ගෙන ඒමට අපේක්ෂා කෙරේ.

මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳව සිදු කළ මහජන මත විමසීමේ සමීක්ෂණ වාර්තාව එම අධිකාරිය මගින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙහිදී භාරදෙනු ලැබීය. මේ අතර දුම්වැටි ඇසුරුම් තුළ යොදා ඇති රූපමය අවවාද යාවත්කාලීන කිරීම කෙරෙහිද සාකච්ඡා විය.

දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා වන පුළුල් ප්‍රචාරණයක් ක්‍රියාත්මක විය යුතු බවත් ඒසඳහා අදාළ වැඩපිළිවෙල සකස් කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග , දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුවන් සත්කුමාර (අතිරේක ලේකම් – ජන මාධ්‍ය අමාත්‍යාංශය), සුමනා බණ්ඩාර (අතිරේක ලේකම්- වෙළඳ අමාත්‍යාංශය),සුරාබදු කොමසාරිස් ජනරාල් – එම්.ජී.ගුණසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Post Views: 4
Previous Post

ව්‍යවසායිකයින්ට නව නිර්මාණ කිරීමට සහාය ලබා දිය යුතුයි – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

Next Post

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

editor

editor

Next Post

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

අලිමංකඩ – උතුර ලුණු ලේවාය ආයෙත් වැඩ

19 August 2025
පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

පිළිකාව තියෙන තැන අනුව‌ රෝග ලක්ෂණ දැනගනිමු

19 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශෂීන්ද්‍ර තවත් හිර වෙයි – සැගව සිටින රාජිතගේ පෙත්සමත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

19 August 2025
ඩයනා සතුටින්

ඩයනා සතුටින්

19 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved