27 April 2024
#දේශීය

ව්‍යවසායිකයින්ට නව නිර්මාණ කිරීමට සහාය ලබා දිය යුතුයි – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

අන්තර්ජාතිකව මෙන්ම රට තුලත් ව්‍යවසායිකයින්ට විධිමත් අවස්ථාවන් නිර්මාණය කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මධ්‍යම පළාතේ මැදිහත්වීම යටතේ ‍එම වැඩසටහන මූල්‍ය පහසුකම් අවශ්‍ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ගෙන යමින් වඩා සඵලදායී අයුරින් ක්‍රියාවට නැංවීම සදහා වන මුලික සාකච්ඡාවක් පැවති අවස්ථාවේදිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍ය දැක්ම” ප්‍රතිපත්ති මාලාවේ සදහන් පරිදි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ කාන්තා ව්‍යවසායකයින් දිරිගැන්වීම සදහා වන ණය ආධාර වැඩසටහනක් සණස මූල්‍ය ආයතනයේ සහයෝගය මත ක්‍රියාවට නැංවීම සදහා සැලසුම් කර ඇත.

එහිදී ඇමරිකා එක්සත් ජනරජය මගින් සණස මූල්‍ය ආයතනය හා සම්බන්ධවෙමින් දේශීය කුඩා හා ව්‍යාපාරිකයින් සදහා සහණ ණය වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ ව්‍යවසායකයින් වෙත සහණ සැලසීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් කරුණු සාකච්ඡා වු අතර, අන්තර්ජාතිකව මෙන්ම රට තුල විධිමත් අවස්ථා ශ්‍රී ලාංකික ව්‍යවසායක ප්‍රජාව වෙත නිර්මාණය නොවීම නිසා ව්‍යවසායකයින් වෙත නිසි වාසිදායක අවස්ථා නොලැබෙන බවත්, එය නිවැරදි විය යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය.

සණස බැංකුව මැදිහත්වීමෙන් රටට වර්තමානයේදී ඉතා වැදගත් ‍වන ණය ආධාර වැඩසටනක් ලබාගැනීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කර ආණ්ඩුකාරවරයා එම ණය වඩා සඵලදායී අයුරින් යොදවමින් පළාතේ ව්‍යවසායකින්ට හැකි උපරිමයෙන් සහණ සැලසීම සිදුකළ යුතුව පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

සියලු පලාත් සභා ආයතන දෙපාර්තමේන්තු, අමාත්‍යංශ, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය ආදි සියළු අංශ ඒකාබද්ධ වෙමින් පවතී මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, සණස මූල්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී තිලක් තියදිගම සණස මූල්‍ය ආයතනයේ මධ්‍යම පළාත් කළමණාකරු ඩී.ඩබ්.එස්.ප්‍රේමරත්න, සණස මූල්‍ය ආයතනයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශ ප්‍රධානී චම්පා දසනායක යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියේය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *