27 July 2024
#විදෙස්

නවසීලන්තය මාසයකට වහයි !

නවසීලන්තය එළැඹෙන  බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක්  රට වසා දැමීමට එරට  රජය  තිරණය කර තිබේ.

ඒ අනුව බදාදා රත්‍රියේ සිට සේවාවලින් බැහැරව මුළු රටටම රැඳී සිටිය යුතු බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

නවසීලන්තයේ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවා යාමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.

ජාතිය අමතමින් අගමැතිනී සඳහන් කළේ තම පුරවැසියන්ගේ ජීවිත අනතුරේ හෙළීමට තමන් අකමැති බවයි.

“මම නවසීලන්ත වැසියන්ට කියමි: ඔබව ආරක්ෂා කිරීමට රජය හැකි සෑම දෙයක්ම කරනු ඇත. දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ අප සියල්ලන් ආරක්ෂා කිරීමට ඔබට හැකි සෑම දෙයක්ම කරන්න. නවසීලන්තය – ගෙදර යන්න. ”

නවසීලන්තයෙන් වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව මන්දගාමී වුවහොත්, ඉන් පසුව විශේෂිත ප්‍රදේශවල අර්ධ වශයෙන් ලිහිල් කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

නවසීලන්තයේ ප්‍රජා සම්ප්‍රේෂණය සිදුවෙමින් පවතින බවට තහවුරු වී ඇති බවත්, එය ඉදිරියට ගියහොත්  සෑම දින පහකටම වරක් රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් වනු ඇති බවත්, ඒ හරහා නවසීලන්ත වැසියන් දස දහස් ගණනක් මිය යා හැකි බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *