27 April 2024
#දේශීය

කොරෝනා ආසාධිතයින් ගණන 86 ට නගී – කළුතර රෝහලේ රෝගීන් 4ක්

ශ්‍රී ලංකාව තුළ මේවන විට හඳුනාගෙන ඇති කෝවිඩ් -19 ආසාධිතයින් සංඛ්‍යාව 86 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කළුතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සිවු දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද (23) උදෑසන වන විට තහවුරුවූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මේ වන විට දිවයින පුරා රෝහල් 18ක වෛරසය ආසාදිත බවට සැක කටයුතු පුද්ගලයින් 222 ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමුකර ඇති අතර  විදේශගතව සිට මේ මස පළමු වැනිදා සිට 15 වන දින දක්වා මෙරටට පැමිණි පුද්ගලයන් 15,000ක පමණ සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී තිබේ. ඔවුන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *