• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැතිවරණ වියදම් සීමාකිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණයක් ගත්තේ නැහැ – ඇමැති ප්‍රසන්න

18 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට මිස එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී තීරණය නොකළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ජාතික ජනබල වේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මහතා අද (18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශකට පිලිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් පල කලේය “ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මැතිවරණ වියදම් සීමාකිරීමේ පනත් කෙටුම්පත අද සාකච්ඡා කරනවා. මේ කෙටුම්පත රජය විසින් ගෙනාපු කෙටුම්පතක්. මේ කෙටුම්පත සාමාන්‍යයෙන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වෙන්න ඕන විපක්ෂයෙන්. ඒ කාලේ මහින්ද රාජපක්ෂ මහතා කටවුට් ගහනකොට කටවුට් මහින්ද කිව්වා. වියදම් කරන සල්ලි ගැන ඇහැව්වා. අනුර කුමාර මහත්තයලගේ රැස්වීම් කරනකොට කටවුට් ගහන කොට මිනිස්සු අහන්නෙ කැටහොලවල මෙහෙම කටවුට් ගහන්නේ කොහොමද කියල. විපක්ෂය බස් බෙදනකොට බස් බෙදන්න සල්ලි කොයින්ද කියල අහනවා. මේ වැඩවලට පිටරටින් සල්ලි දෙනවද, එහෙමත් නැත්නම් අරගලයෙන් සල්ලි දීලද කියල අහනවා. ඒ නිසා මෙවැනි පණතක් ක්‍රියාත්මක කරන එක හැමෝටම හොඳයි. මේ මැතිවරණයට බාධාවෙන්නේ නැත්නම් මේ පනත ගේන එක හොඳයි. ජනාධිපති පාර්ලිමේන්තුවට එන්නෙ නෑ කියලා අපි ඉස්සර බැන්නා. දැන් ඉන්න ජනාධිපති අඩුම තරමින් සතියට දෙපාරක් පාර්ලිමේන්තුවට එනවා. අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. දැන් කියනව මේකට එන එක වැරදියි කියල. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව යටපත් කරන්න හදන්නෙ නැ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්නේය කියල ව්‍යවස්ථාවෙම තියෙනවා. ඒ වගේම විපක්ෂනායකතුමා ඇහුව්වා අරගලය අමතකද කියල. මම ඒ කතාවට එකඟ නෑ. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් නාමයෝජනා දීපු මිනිස්සු තමයි අරගලයට සම්බන්ධවෙලා ඉන්නේ. ඒ ගොල්ලන් තමයි ගෙවල් ගිනි තිබ්බෙ. මිනිස්සු මැරුවෙ. ඔබතුමාගේ පියා හැටදාහක් මිනිස්සු මැරුවා. ඔබ ඒ තාත්තගෙ පුතා. පුතා ඒ වැ‍ඩේ නොකළොත් නොට්ටිගෙ පුතා. ඒ නිසා මෙව්වා ගැන කතාකරනකොට විපක්ෂනායකතුමා ඉතාම වගකීමෙන් කතා කරන්න. මොකද අපිටත් වේදනාවල් තියෙනවා. මේ පනතට අපි එක අතක් උස්සනවනම් විපක්ෂය අත් දෙකම උස්සන්න ඕන. රටට ආදරය කරපු අරගලකරුවන් කිව්වෙ මෙවැනි දේවල් ගේන්න කියලයි. ඒ නිසා මෙවැනි පනත් ගෙනාවොත් මැතිවරණවලදි වැඩිපුර වියදම් කරන අයට එරෙහිව කටයුතු කරන්න පුළුවන්. මමනම් කියන්නෙ මේ මැතිවරණයෙ ඉඳල මෙවැනි පනත් පාවිච්චි වෙන්න ඕන කියලයි. එහෙම බැරිනම් ඊළඟ මැතිවරණයට බලපාන විදියට හරි මේ පනත් ගේන්න ඕන.මේ පනත ගේන එක බිස්නස් කමිටුව වැළැක්කුවෙ නෑ. මේක කල් දැමීමක් කළේ. ‍අනුර කුමාර දිසානායක (ජා.ජ.බ) – මෙම පනත හෙට දිනයට කල් දැමීමට ගරු සභානායකතුමා එකඟතාව පළකළා. ඒ වගේම පනත කාරක සභා අවස්ථාවේදී දීර්ඝ කරන්න හෝ මෙම ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණයට බලනොපාන බවට පනතට අන්තර් විධිවිධානයන් ගෙන්නත් පක්ෂනායක රැස්වීමේදී එකඟ වුණා. මෙම පනතට කවුරුත් එකඟතාව පළකරනවා. ඒනිසා බෙදිල සම්මත කර ගන්න ඕන නෑ කියල උපදේශන කාරක සභාවේදි අධිකරණ ඇමතිතුමත් කිව්වා. මෙම පනතේ අරමුණ ඡන්දය කල්දැමීමද එහෙමත් නැත්නම් මැතිවරණ වියදම් සීමා කිරීමේ අවංක අරමුණක් තියෙනවද කියල මම ඇහුව්වා. ඡන්ද කල් දැමීමේ අරමුණක් නැති බව ඔබ කිව්වා. මේ මැතිවරණයට මෙම පනත බලපාන්නෙ නැත්නම් තව මැතිවරණයකට කල් තිබෙන නිසාත් පසුවට ගනිමු කියල එකඟතාවක් ආවා. ඒ අනුව මාසයකට කල් දැම්මා. පාර්ලිමේන්තුවේ වැඩ රටාවේ රීතීන් තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට එනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව යටපත් කරන්න උත්සාහ ගන්නා බවට මට දැනෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීම ගැන විවාදයක් නෑ. පාර්ලිමේන්තුවට ඇවිල්ල යම් කරුණක් ඉදිරිපත් කරන එකයි, පාර්ලිමේන්තුවට නිරන්තරයෙන්ම ඇවිල්ලා පාර්ලිමේන්තුව යටත් කරගන්න උත්සාහ ගැනීමයි කරුණු දෙකක්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු බිස්නස් කමිටුවට අගමැතිවරයා එන්නෙත් ඉඳහිටයි. නමුත් ජනාධිපතිවරයා මේ කරුණ ගැන කතා කරන්න පක්ෂ නායකයන් කැඳවා තිබෙනවා.
ගරු කතානායකතුමනි, ඒ සඳහා ලේකම්තුමාට උපදෙස් දුන්නෙ කවුද කියන්න මම දන්නේ නෑ. අලී සබ්රි ඇමතිතුමා පාර්ලිමේන්තු නීතීන් රීතීන් ගැන නිතරම කතා කරනවා. නමුත් දැන් මොකද්ද මේ සිද්ධ වෙන්නෙ. මේ සිද්ධ වෙන්නෙ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු බලය යටපත් කරමින්, අධිකාරී බලයක් ඇති කරන්න හදනවා. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට මැදිහත් වෙන්න ජනාධිපතිවරයාට ඉඩ දෙනවාද?. පාර්ලිමේන්තු බලය වැඩි කරන්න ඕන කියපු ජනාධිපතිවරයා දැන් පාර්ලිමේන්තු වැඩසටහන්වලට මැදිහත්වීම යුක්ති සහගතද? ඕනෑම පනතක් ඉස්සරහට යන්නේ කාරක සභාවේ එකඟතාවන් අනුවයි. සංශෝධන රැසක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ පනතට අපෙත් යෝජනා තියෙනවා. විවිධ සංවිධාන, දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනා තිබෙනවා. ඒ සඳහා යම් කාලයක් අවශ්‍යයි. මේ පනතට තිබෙන අවශ්‍යතාවය පෙන්වා ජනාධිපතිවරයා ඉතාම තදබල ලෙස ඉන්නවා ඡන්දයක් තියන්නෙ නෑ කියලා. ඡන්දය තියනවද නැද්ද කියල තනි පුද්ගලයෙක් තීරණය කරන්නෙ කොහොමද? කැබිනට් මණ්ඩලය නොගත් තීන්දුවක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හරහා මැතිවරණ කොමිසමට යොමුකරල මුළු කැබිනට් මණ්ඩලයම අපහසුතාවයට පත්කළා. කතානායකතුමා අපිට වග කියනවා. මේ සිදුවන්නේ ඔබතුමාගේ බලතලවලට මැදිහත්වීමක්. ඒ නිසා පාර්ලිමේන්තු ගෞරවය ඔබතුමා රකීවි යැයි අපි බළාපොරොත්තු වෙනවා.

Post Views: 0
Previous Post

මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න – NCEMS

Next Post

රජය මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරනවා- විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

රජය මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරනවා- විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved