27 April 2024
#දේශීය

රජය මැතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරනවා- විපක්ෂනායක සජිත්

මැතිවරණ මුදල් සීමා කිරීමේ කෙටුම්පත සම්මත වීමත් සමඟ රෙගුලාසි පැනවීම නිසා මාර්තු මුල් සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වන බවත් ඒ තුළින් රජය විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුව අමතමිනි.

මැතිවරණ මුදල් සීමා කිරීමේ පනතේ අඩු වැඩි වශයෙන් යම් යම් දේවල් තිබුණත් පුළුල් අර්ථයෙන් එය හොඳ පනතක් බවත් එය සිස්ටම් චේන්ජ් එකට ද වැදගත් දෙයක් බවත් යම් යම් සංශෝධන තිබුණත් එය සාකච්ඡා මාර්ගයෙන් සිදු කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

මේ දිනවල පුංචි ඡන්දයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරන නිසා මේ පනත අතිශය වැදගත් වුවත් එය ක්‍රියාත්මක කරන කාලය සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින බවත් මේ තුළින් ව්‍යාකූලත්වයක් ක්‍රියාත්මක වන බවත් යම් හෙයකින් මෙය සම්මත වුවහොත් මාර්තුවේ දී පවත්වන පළාත් පාලන මැතිවරණයට එය යම් බාධාවක් වන බවත් පැවසීය.

මේ කෙටුම්පතට අනුව අපේක්ෂකයන් තමන්ගේ වියදම් සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සැපයිය යුතු බවත් එය ඉදිරිපත් නොකළහොත් වරදක් බවත් එසේ වුවහොත් පෙත්සමක් වුව ඉදිරිපත් විය හැකි බවත් මෙය ඉතා හොඳ වගන්තියක් වුවත් 2023 මාර්තු මැතිවරණය තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

එසේ ම මේ කෙටුම්පත සම්මත වීමත් සමඟ රෙගුලාසි පැනවීම නිසා මාර්තු මුල් සතියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක් වන බවත් ඒ තුළින් රජය විසින් මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් එය ජනතාව ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *