• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මං ඉන්නකම් රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ජනපති රනිල්

1 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (01) පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බව ද කියා සිටියේය.

සාමකාමීව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හෝ තමා විවේචනය කිරීමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති මූත් වීදිවල කෝළහල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව ජනාධිපතිවරයා පැවසීය.

හරි දේ කිරීමට සියලු දෙනා ඉගෙන ගත යුතු අතර තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ රට වෙනුවෙන් හරි දේ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීමට බව ද පැවසීය.

එය උදාහරණයක් කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් ගියහොත් වසර 25 කට පෙර රට තුළ දැවැන්ත සංවර්ධනයක් උදාකර හැකි බව ද කියා සිටියේය.

ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව හෙතෙම කියා සිටියේය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිරන්තරයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය වසරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක් කළේය.

ඔවුන් එලෙස තම වගකීම ඉටු නොකළානම් මේ වන විට ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යක් වීමට ඉඩ තිබූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලෝක බලවතුන් අතර මේ වන විට පවතින තරගය ඉන්දියන් සාගරයට දැඩිව බලපාන බවත් ඉන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අතීතයේ පැවති යුධමය තත්ත්වයන් මෙන් නොව අනාගතයේ දී ඇතිවිය හැකි යුදමය තත්ත්වයන් තාක්ෂණය සහ දැනුම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝග ජය ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නවීන තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත්, අපගේ ආරක්ෂක හමුදාවන් ශක්තිමත් කරමින් Defense 2030 වැඩසටහන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිය, සාමය සහ අධිකරණ අමාත්‍යවරයාට තමා උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය. එමෙන්ම මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ , ගුවන් හමුදා පති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , පොලිස්පති සී. ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ද, ත්‍රිවිධ හුමදාවේ, පොලිසියේ සෙසු නිලයන් වලට අයත් 1200ක් පමණ මීට එක්ව සිටියහ.

 

 

 

 

Post Views: 1
Previous Post

සමගි ජනබලවේගය නැතිකරන්න රනිල් කුමන්ත්‍රණය කරනවා – විපක්ෂනායක සජිත්

Next Post

මාතලේ නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පල විධිමත් කෙරේ  

editor

editor

Next Post

මාතලේ නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පල විධිමත් කෙරේ  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved