27 April 2024
#දේශීය

මාතලේ නගරයේ ත්‍රිරෝද රථ නැවතුම්පල විධිමත් කෙරේ  

මාතලේ නගරයේ ඇති ත්‍රිරෝද රථ නැවතුම්පොලවල් විධිමත් ලෙස සකස් කිරිමට පියවර ගෙන ඇති බව මාතලේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.

මේ වන විට මාතලේ නගරයේ ත්‍රිරෝද රථ දහසකට ආසන්න ප්‍රමාණයක් නගර සභාවේ ලියාපදිචි වි ඇති බවත් එම ත්‍රිරෝද රථයකින් දෛනකව රුපියල් 30ක මුදලක් නගර සභාවට අය කිරිමට පියවර ගෙන ඇති බවත් විධිමත් නාම පුවරු සවිකර ත්‍රිරෝද රථ නැවතුම්පොලවල් සකස් කිරිමට පියවර ගන්නා බවද කොමසාරිස්වරයා පැවසිය.

අදාළ කටයුතු සිදු කිරිමේදි පොලිසිය,ත්‍රිරෝද රථ සංගම් ඇතුලු සියලු පාර්ශ්ව සමග සාකච්ඡා පවත්වා සුදුසුම යෝජනාවන් ක්‍රියාත්මක කරන බවත් මාතලේ නගරයේ පවතින වාහන නවතා තැබිම් සදහා ඉදිරියේදි සුදුසුම වැඩපිළීවෙලක් සකස් කිරිමට පියවර ගන්නා බවද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසිය.

මාතලේ මහ නගර සභාවේ අදායම් අංශය ඇතුලු අනෙකුත් අංශය මගින් මෙම වැඩපිළිවෙල ක්‍රමවත් ආකාරයෙන් සිදු කරන ලෙස තමන් අදාළ නිලධාරින්ට උපදෙස් දි ඇති බවද කොමසාරිස්වරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *