27 April 2024
#දේශීය

සමගි ජනබලවේගය නැතිකරන්න රනිල් කුමන්ත්‍රණය කරනවා – විපක්ෂනායක සජිත්

සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට යන බවට වන ව්‍යාජ පුවත් මවමින් රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආරම්භ කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක් මන්ත්‍රීවරයෙක්ම ලක්ෂ 2000ක් ලබා දී මුදලට බා ගැනීමේ උත්සාහයක නිරත වන බවයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (01) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

රට හදන්න මුදල් නැති මේ රජය මන්ත්‍රීවරු මුදලට බා ගන්න උත්සාහ කළත් ආණ්ඩුවේ මන්ත්‍රීවරු කිසිදු මුදලක් නැතිව විපක්ෂයට එන්න සූදානම් බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසිදු අවස්ථාවක මුදලට තම ආත්ම ගරුත්වය පාවා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2020 මේ රටේ ජනතාව මාස 6ක් වයසැති සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 54ක් ලබා දී මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් තැබීමට උපකාරී කළ බවත් එබැවින් ලක්ෂ 2000ක් හෝ ඊට වැඩි ගාණක් දුන්නත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තම ආත්මගරුත්වය වරප්‍රසාද හෝ වරදානවලට පාවා නෙදෙන බවත් ඔවුන් ජනතාවට කිසිදින ද්‍රෝහී නොවන බව හෙතෙම පැවසීය.

එබැවින් තමා ආණ්ඩුවට අභියෝග කරන්නේ ලක්ෂ 2000 නොවේ කෝටි 50000කට හෝ පුලුවන් නම් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු තම පැත්තට අරන් පෙන්වන ලෙසත් එවැනි ජනතාවට ද්‍රෝහී වන මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ නොමැති බවත් ඔහු අවධාරණය කලේය.

මේ සදහා මුදල් ලෙස යොදා ගන්නේ කළු සල්ලි සහ පැන්ඩෝරා පත්‍රිකා මුදල් බවත් ඒ ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

මේ ආණඩුව හැම අතකින්ම ජනතාවට පන්න පන්න පහර දෙන බවත් විදුලි බිල වැඩි කරමින් බදු වැඩි කරමින් පොලි අනුපාත වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊට අමතරව ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි මැතිවරණය කඩාකප්පල් කරමින් සිටින බවත් ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීම් නව පනතක් ගෙනවිත් වෘත්තීය සමිති සමිති නායකයන් විශ්වවිද්‍යාල සිසුන් සහ පොදු ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හැදින්වීමට උත්සාහ ගන්නා බවත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *