27 April 2024
#සංවර්ධන

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචනය රාජ්‍ය ඇමැති ඉන්දික ප්‍රධානත්වයෙන් පැවැත්වේ

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (27) දින එම ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම වසරේ ගෙවුණු කාල සීමාව තුළ ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම ලබා ඇති ප්‍රගතිය පිළිබදව මෙහිදී නිළධාරීන් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

ආයතනයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස ව්‍යාපෘති පිළිබදවද ආයතනයේ විවිධ ගැටළු සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරයා සෘජු අවධානය යොමු විය.

ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගම, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනයකි. මෙය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ කොටස්වලින් සමන්විත සමාගමකි.

 මෙම අවස්ථාවට ඕෂන් වීව් ඩිවලොප්මන්ට් සමාගමේ සභාපති මහින්ද සෙනෙවිරත්න, සාමාන්‍යාධිකාරී විජිත දිසාවේ යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *