27 July 2024
#සංවර්ධන

උතුරට කෘෂිකර්මාන්ත හා ජලජ සම්පත් කටයුතු සමානව ලබා දෙන බව ඇමැති දේවානන්දා පවසයි

උතුරු පළාතේ කෘෂිකර්මාන්තයට සුදුසු ඉඩම් වල ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් නැවත වගා කිරීම හරහා කෘෂිකාර්මාන්ත අංශයේ හා ජල සම්පත් අංශයේ සමාන්තර ආකාරයෙන් වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක් වු අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම මැතිවරණ ප්‍රතිපත්තියේ දක්වා ඇති ආකාරයට එවැනි වගා නොකල ඉඩම් කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදාගෙන ඊට අවශ්‍ය සහනාධාර හා ණය ලබා දී නවීන තාක්ෂණය හරහා කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කොට ඒ තුලින් අධික අස්වැන්නක් ලබා ගැනීම මේ රජයේ අරමුණ බව පැහැදිලි කළේය.

ඒ හරහා වී ඇතුළු අතුරු භෝග වැඩි වශයෙන් වගාකොට ආනයනය නවත්වා ආහාර නිශ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීම මෙම රජයේ මුලික අරමුණ බවද, ඊලග අරමුණ අප නිශ්පාදනය කරන කෘෂිකාර්මික ද්‍රව්‍ය පිටරටට අපනයනය කිරීම බවද එතුමා තවදුරටත් ප්‍රකාශ කළේය.

උතුරු පළාතේ ඇති වැව් හා ජලාශ සංවර්ධනය කිරීම හරහා කෘෂිකර්ම හා ධීවර හා ජලජ සම්පත් අංශයද සමාන්තරව ජනතාවට යහපතක් වන ආකාරයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *