27 April 2024
#දේශීය

වැඩිහිටි නිවාසයේ ඇති වු ආරවුලකින් අයෙකු මරුට

මතුගම, මයුර වැඩිහිටි නිවාසය තුළ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු පුද්ගලික ආරවුලකින් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (14) පෙරවරු 5 ට පමණ මෙම පුද්ගලයින් දෙදෙනා ආරවුලක් ඇති කර ගෙන ඇති අතර එහිදී එක් අයෙකු අනෙක් පුද්ගලයාට තියුණ ආයුධයකින් පහරදී ඝාතනය ලක් කර ඇති බව අනාවරණ වී තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 77 ක් වු එම වැඩිහිටි නිවාසයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මුලික මහේස්ත්‍රාත් පරිණයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂනය සඳහා කළුතර රෝහලේ මෘත ශාරිරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිහිටි නිවාසයේම පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *