27 April 2024
#දේශීය

වන අලි පහරදීමකින් අයෙකු මරුට

සෙවනගල, හබරළුවැව 10 කණුව ප්‍ර දේශයේදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු වන අලි පහරදීමකින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (18) රාත්‍රි 10 පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරකෑමට ලක් වු පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වු මයුරාගම ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය සෙවනගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සෙවනගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *