• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන්නේ රටේ ජනතාවගෙන් 1/5ක් පමණයි

19 October 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් 1/5ක් පමණක් බවත් රටේ ජනතාවගේ අදායමෙන් 75%ක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි අනාවරණය විය.

මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව ඊයේ (18) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාවය, අස්වැන්නේ ඉදිරි අඩුවීම, මන්දපෝෂණ තත්ත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජීය අතුරුඵල ආදිය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි. ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රටේ ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම කමිටුව විසින් මීට පෙර සිදු කරන ලදී.

විශේෂයෙන් වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්ත්වය පිටුදැකීම සඳහා ගත හැකි කෙටි කාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් ‍මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙහිදී සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය වහාම සිදු කරන ලෙසයි. මෙම අදාළ සමීක්ෂණය 2019න් පසු සිදු කොට නොමැති බවද සභාපතිවරයා දැනුම් දුන්නේය. එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරදි තොරුතුරු ලැබෙන බවත් එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙල සැකසීමේදී ඉත‍ා වැදගත් වන බවද රණවක මහතා සඳහන් කළේය.

රට තුළ බදු වැඩි කිරිම් ආදී ක්‍රියාමාර්ග මගින් ආදායම් වැඩි කළද එහි අතුරු සමාජීය ප්‍රතිඵල ලෙස කර්මාන්ත පවත්වා ගැනීමේ ගැටළුව, රැකියා අහිමිවීම් සහ පෝෂණය තත්ත්වයන් පහත වැටීම වැනි කරුණු දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම පුද්ලයෙකුගේ ජීවිතයේ මුල් දින 8000 නිසි පෝෂණ තත්ත්වයෙන් පවත්වා ගැනීමේ වැදගත්කම සහ ඒ සඳහා පවතින ආහාර නිසි සුරක්ෂිතතාවෙන් යුතුව පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අදහස් පළ විය.

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය රනිල් ජයවර්ධන, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති, කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි, රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර, ආහාර කොමසාරිස් උපුල් ශාන්ත අල්විස් මහතා, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ සහ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය ඇතුළු ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළහ.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාරන්තන් සහ එම්. රාමේෂවරන් යන මහත්වරුද එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

පැල්වත්ත කිරි සමාගමෙහි 15 වැනි අලෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මරදන්කඩවලදී විවෘත කෙරේ

Next Post

ජනතා මුදල් අවභාවිතා කරන වගකිවයුත්තන්ගෙන් එය යළි අයකරගැනීමේ යෝජනාවක්

editor

editor

Next Post

ජනතා මුදල් අවභාවිතා කරන වගකිවයුත්තන්ගෙන් එය යළි අයකරගැනීමේ යෝජනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved