27 April 2024
#ව්‍යාපාර

පැල්වත්ත කිරි සමාගමෙහි 15 වැනි අලෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මරදන්කඩවලදී විවෘත කෙරේ

විදේශ විනිමය රට තුළ ඉතිරි කරමින් කිරි නිෂ්පාදන රාශියක් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත කිරි සමාගමෙහි 15 වැනි අලෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය අනුරාධපුර, කැකිරාව, මරදන්කඩවල ප්‍රදේශයේදී ඊයේ (18) විවෘත කෙරිණි.

නො. 110, 100 කණුව, මරදන්කඩවල ලිපිනයේ මෙම නව අළෙවිසැල හා කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය , පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර මෙම අවස්ථාවට ආශිර්වාද එකතු කරනු ලැබීය.අනතුරුව නව අළෙවිසැලෙහි ගණුදෙනු කටයුතු සිදු කෙරිණි.

මෙම අළෙවිසැල මගින් පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට් සහ පැල්වත්ත ගිතෙල්, පැල්වත්ත අයිස්ක්‍රීම් ඇතුළු පැල්වත්ත සමාගමෙහි නිෂ්පාදන රැසක් පාරිභෝගික ජනතාවට මිළදී ගැනීමේ හැකියාව පවතී.

මේ වන විට අනුරාධපුරයෙන් කිරි ලීටර 80 000 ක් පමණ පැල්වත්ත සමාගම වෙත ලබා දෙන අතර, එම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයද මෙම පරිශ්‍රයේදී විවෘත කෙරිණි.ග්‍රාමීය මට්ටමින් ගොවීන් තම දෛනික කිරි අස්වැන්න ගොවි සමිතිය වෙත එකතු කෙරෙන අතර එම කිරි මෙම මධ්‍යස්ථානය මගින් මිලදී ගෙන කිරි බවුසර් මගින් බුත්තල පිහිටි කර්මාන්ත ශාලාව වෙත ප්‍රවාහනය කර කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබයි.

පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

මේ කර්මාන්තය දියුණු කරන්නේ මේ රටේ දූ දරුවන් වෙනුවෙන්, අපි මේ කර්මාන්ත ශාලාවක් හැදුවේ කාගෙන් හරි පිටරට සමාගමකට භය වෙලා, කිසිම දේශපාලන පක්ෂයකින් අපිට උදව් කලේ නෑ.මම තනි අතේ හයියෙන්, අතේ නියපොතු වලින් අන්තිමට එල්ලිලා හිටියා.දැන් ඔයගොල්ලන්ගේ දරුවන්ට රහට ගුණට කිරි පිටි ටික ගන්න මෙතන තියෙනවා.

පරම්පරා ගණනක දරුවන්ට අනාගතයට විදේශ විනිමය හම්බ කරන්න මේ කර්මාන්ත ශාලාවට පුලුවන්. අද වෙන කොට කරගන්න දෙයක් නැතිව ටොන් ගානක් බටර් තියෙනනා අපේ කර්මාන්ත ශාලාව ඇතුලේ, අපිට ඊට වඩා හදන්න පුලුවන්, මේ නිකං කිරි වලින් අයින් කර ගන්න ටික විතරයි. අපි බටර් වලට විතරක් ගියොත් එහෙම කර ගන්න දෙයක් නැති වෙනවා.විදේශ විනිමය රටට හම්බ කරන්න කර්මාන්තයකට අපි යා යුතුයි. එදාට තේ රට යවන සමාගම් වලට වගේ, පැලවත්තට අමුද්‍රව්‍යය දෙයි, ඔයගොල්ල නිෂ්පාදන අරගෙන දරුවට පිරිසිදු කිරි පිටි ටිකක් දෙයි. අපි ගාව ටොන් 12 -15 ක් වගේ අතිරික්තයක් බටර් තියෙනවා.හරි නම් අපි ඒක පිටරට යවන්න ඔ්න, එහෙම කෙරුවා නම් අපිට විදේශ විනිමය හම්බෙනවා.ඒ හරහා අපිට තෙල් ගන්න පුලුවන්.

මේ වන විට මුළු ලංකාවේම කිරි ගොවින්ට මිලියන 3000 ක් අපි හැම මාසෙම ගෙවනවා. මං විතරක් නෙමෙයි, සියලු කිරි නිෂ්පාදකයින් එකතු කරලා මේක මිලියන 6000 ක් දක්වා වැඩි කරන්න සැලසුම් කරලා තියෙනවා.මේ කිරි ගොවියාගේ ඒක පුද්ගල ආදායම ඒකෙන් වැඩිවෙන්නේ.ඒ නිසා රත්තරන් බිත්තර දාන කිකිළිගේ බෙල්ල කපන්නේ නැතිව රත්තරන් බිත්තර දාන්න දෙන්න.කිරි ගොවීන් ගේන ඔ්න තරමක් කිරි අපි ගන්නවා.

අද මට තියෙනවා ප්‍රශ්නයක් එන අවුරුද්දේ මාර්තු මාසය වන විට කිරි ගන්න තැනක් නැති වුණොත් කිරි බිමට හලන්න වෙනවා.ඒ නිසා එන මාර්තු වලට ඉස්සරලා කුරුණෑගල කර්මාන්ත ශාලාවක් හදලා එතන කිරිපිටි හදන්නම ඔ්න ඒක ජාතික අවශ්‍යතාවක්.මේක රටට විදේශ විනිමය හොයන වැඩක්.අපෙන්‌ කිරි ගොවීන්ට ආධාර උපකාර, ණය පහසුකම් ලබා දෙනවා.

අපේ රටේ කෑම නෑ කියලා දෙයක් නෑ, අත හෙලෙව්වොත් කට හොලවන්න පුලුවන්, ලඟපාත වැවකට බිලී පිත්තක් දාලා මාලුවෙක් අල්ල ගන්න පුලුවන්. මගේ බලාපොරොත්තුවක් තියෙනවා වැව් මාළු ටින් කරන ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.එක දවසකට ටොන් 25 ක් නිෂ්පාදනය කරලා අතිරික්තය පිටරට යවන්න සැලසුම් කරනවා.කිරි නෑ කියලා දෙයක් නෑ, කිරි අපි දෙන්නම් ඇති වෙන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පැල්වත්ත කිරි සමාගමෙහි විදායක නිළධාරීන් ඇතුළු නිළධාරීන්, කැකිරාව ප්‍රදේශයේ රාජ්‍යය ආයතන ප්‍රධානීන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *