27 April 2024
#ව්‍යාපාර

බිම් මට්ටමේ කාන්තාව ශක්තිමත් කළේ වත්මන් ආණ්ඩුවෙන් පමණයි ……. ! අගමැති

මීට පෙර කිසිම ආණ්ඩුවක් යටතේ කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා වැඩකටයුතු සිදුකලේ නොකළ නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ අප සියලූ දෙනාට මෙම ආණ්ඩුව යටතේ බිම් මටටමේ කාන්තාවන්ට මීට පෙර නොලැබුණු ශක්තියක් ලබාදීමට හැකිවී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) අරලියගහ මන්දිරයේ පැවැති සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙහෙය වූ ,ධනාභිමානී, දිරිය කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවට එක්වෙමින්.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ අප කුරුදු හෝ වෙනත් භෝග වගා කරන්නේ නම් ඒ සඳහා අපනයන වෙළඳ පොළක් තිබෙනවා. අමාත්‍යාංශය මගින් එම අපනයන වෙළඳ පොළ සකස් කරන නිසා ඒ සඳහා අපනයන භාණ්ඩ සපයාදීම අප කළ යුතුයි. ඔබ අන්නාසි හෝ වෙනත් පළතුරු වගාවන් ගම තුල වගා කරන්න. එම වැඩසටහන් වල නායකත්වය ඔබ සියලූ දෙනාටම ලබා දෙනවා. ගමේ කාන්තාවන් වන ඔබ එසේ අපනයන වෙළදාමට දායකවීම තුලින් හොද ආදායමක් ලබා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙම නව අදහස් දයා ගමගේ ඇමතිතුමාගේ අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබෙනවා. ගමේ කාන්තා ඔබ ඒ සඳහා දිරිමත් විය යුතුයි. මෙම සෑම වැඩසටහනක් තුලින්ම ආර්ථික නායකත්වය කාන්තා ඔබට ලබා දීමට අප ක්‍රියා කරන බව මම සතුටින් සදහන් කරනවා. අද මෙම අවස්ථාවට ඔබ සියලූ දෙනා එක්රැස් කර ගැනීමට අනෝමා ගමගේ ඇමතිතුමිය කටයුතු කළා. එය විශාල කාර්යක්. එතුමිය කාන්තා ඔබට හොඳ නායකත්යක් ලබා දෙනවා. ඒ සඳහා අප එතුමියට විශේෂ ස්තුතිය පළ කරනවා. මෙහිදි අපට තවත් ප්‍රශ්න ගණනාවක් තිබෙන බව ද සඳහන් කළ යුතුයි. උතුරු ප්‍රදේශයේ කාන්තාව මූලික කරගත් පවුල් ගණනාවක් තිබෙනවා. ඔවුන්ට විශාල ප්‍රශ්න තිබෙනවා. අපි ඔවුන් ගැන ද අවධානය යොමු කර තිබෙනවා. උතුර හෝ දකුණ වේවා කාන්තා ඔබේ ප්‍රශ්න පිළිබඳ අප අවධානය යොමු කරනවා. එසේ නම් ඔබ සියලූ දෙනා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න. ඔබ ග්‍රාමීය ආර්ථිකයේ හොඳ වෙනසක් ඇති කිරීමට දායකවන්න. ශ්‍රම හමුදාව සඳහා දැනට සිටින්නේ අඩු කාන්තාවන් සංඛ්‍යාවක්. ඒ නිසා එම සංඛ්‍යාව වැඩි කළ යුතුයි. ඒ සඳහා පුහුණු කිරීමේ වැඩසටහන් සිදු කිරීමට නියමිතයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප මීලඟට ගන්නා පියවර තුලින් කිසිම සැකයකින් තොරව කාන්තාවන්ට දේශපාලන හා ආර්ථිකමය වශයෙන් ඉදිරියට ඒමට හැකි බවට මට විශ්වාසයි. එය සමස්ත කාන්තාවන්ටම බලපාන කටයුත්තක්. දයා ගමගේ ඇමතිතුමාගේ අමාත්‍යංශය යටතේ අද බිම් මට්ටමින් ඇරඹු වැඩසටහන් තුලින් මෙය ඉදිරියට මෙහෙයවීම අපේ බලාපොරොත්තුවයි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *