මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව සහ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන ඉන්ධන ප්‍රවාහනයට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පාලනය කිරීම සඳහා තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඔපෙක් ප්ලස් සංවිධානය තීරණය කර තිබේ.
සෞදි අරාබිය, රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් අටක් එක්ව දිනකට අමතර බොරතෙල් බැරල් 206,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇත. මෙය මීට පෙර ක්ෂේත්‍රයේ විශේෂඥයන් පුරෝකථනය කර තිබූ බැරල් 137,000ක ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි අගයකි.
ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයට කිසිදු අදහසක් නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබුණද, පවතින අවදානම හමුවේ සැපයුම ස්ථාවරව පවත්වා ගැනීම මෙම පියවරේ අරමුණයි.
















