27 April 2024
#ව්‍යාපාර

OPPO Reno2 අතිසුපැහැදිලි දුරකතනය දැන් වෙලෙද පොලේ

OPPO Reno2 ත්‍ දුරකථනය ශ්‍රී ලංකා වෙලෙඳද පොළට හඳුන්වා දීම පසුගියදා කොළඹදී සිදු කෙරිණි. මෙම දුරකථනය OPPO සමාගමේ අතිශයින් ජනප‍්‍රිය දුරකථන මාලාවක් වන OPPO දුරකථන අතරට එක්වන අලූත්ම මාදිලියයි. ඡායාරූපකරණය ඔස්සේ නිර්මාණශීලීත්වය පුබුදුවාලීමට උපකාරී වන අතිනවීන තාක්ෂණයන් හා විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී ඇත.

Quad-camera setup මෙන්ම දැඩි අඳුරේ පවා පැහැදිලි ඡායාරූප ගැනීමට ඉඩකඩ සලසන Ultra Dark Mode සහ ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගැනීමට උපකාරී වන Ultra Steady Video ඒ අතරින් ප‍්‍රධාන වේ. Quad-camera පද්ධතියට 48MP Ultra-clear Main Camera, 8MP Wide Angle Lens, 2MP Mono Lens සහ 2MP Portrait Lens යන අංග ඇතළත් වී ඇත.
,Reno දුරකථන මාලාවේ ජනප‍්‍රියත්වයට හේතු වූ සාධක වලින් පන්නරය ලබන මේ නව දුරකථන මාදිලිය, නිර්මාණශීලීත්වය පෙරටත් වඩා දුරකට රැුගෙන යාමට උපකාරී වන තාක්ෂණයන් හා විශේෂාංග සහිත මාදිලියක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. අවට පරිසරය හා එහි ආලෝක තත්ත්වය වැනි කිසිදු දෙයකින් සීමා නොවී විශිෂ්ට තලයේ ඡායාරූප ලබාදීමට එහි ඇති කැමරා තාක්ෂණය සමත් වනවා.” OPPO Sri lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

නිර්මාණශීලීත්වය පුබුදුවන නවීන කැමරා තාක්ෂණය

OPPOයනු කවදත් ජංගම දුරකථන ඡායාරූපකරණයේ නිම්වළලූ පුළුල් කිරීමට කැපවී සිටින සමාගමකි. Ultra-Wide Angle lens සහ Ultra Night Mode ලෙස හැඳින්වෙන full focal length imaging system දෙකක් නව Reno2 ත්‍ මාදිලියේ අඩංගු වන අතර Ultra-Wide Angle කාචය අංශක 119 ක දර්ශන කෝණයක් ලබාදෙයි. මෙම දුරකථන මාදිලිය භාවිතා කරන්නන්ට ඉතා කුඩා අවකාශයක සිට පවා, දිවා රාත‍්‍රී භේදයකින් තොරව පුළුල් ලෙස ඡුායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගැනීමේ හැකියාව පවතී.

Optical Image Stabilization, F1.7 aperture, 1⁄2-inch සහ Quad Bayer තාක්ෂණය සමගින් 48MP ප‍්‍රධාන කාචයක් සමගින් එන OPPO Reno2 ත්‍ මාදිලිය අඩු ආලෝක තත්ත්වයන් යටතේ විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයක් දැක්වීමට සමත් ය. බලවත් NPU සහ OPPO හි වැඩිදියුණු කළ algorithms සමගින් Ultra Dark Mode තුළදී විවිධ රාත‍්‍රී ආලෝක තත්ත්වයන් යටතේ විශිෂ්ට ඡායාරූප ලබාගත හැකි වේ. ආලෝක මට්ටම 1 lux ප‍්‍රමාණයට වඩා අඩු වුවද Hardware network-optimized AI noise reduction ක‍්‍රමවේද මගින් එය සාමාන්‍ය ඇසට පෙනෙන මට්ටමටත් වඩා ඡායාරූප පැහැදිලි කරවයි. මෘදුකාංග වල ක‍්‍රියාකාරීත්ව මගින් සහ NPU හි පිටිවහල සමගින් ඡායාරූප වල දීප්තිමත් භාවය වැඩි වේ. සාමාන්‍ය ඇසට අඳුර විනිවිද යා නොහැකි වුවද Reno2 ත්‍ සමගින් කෙනෙකුට රාත‍්‍රියේ කණාමැදිරි එළි හෝ ඉටිපන්දම් මගින් ආලෝකවත් වන වටපිටාවන් මනරම් දෙස ඡුායාරූපය නැගීමට හැකි වනු ඇත.

මේ අතර, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරන පුද්ගලයෝ දැන් වැඩි වැඩියෙන් වීඩියෝ කෙරෙහි යොමුවෙමින් සිටිති. ඒ නිසාම එ සම්බන්ධයෙන් පෙරටත් වඩා වැඩි උනන්දුවක් දැක්වීමට OPPO පෙළඹී ඇත. ලොව දුරකථන ක්ෂේත‍්‍රයට OPPO විසින් හඳුන්වා දෙන ලද පෙරළිකාරී තාක්ෂණයක් වන Ultra Steady Video Modeමගින් ඇවිදීම හෝ දිවීම වැනි ක‍්‍රියාකාරකම් සහ ක‍්‍රීඩා වල යෙදෙන අතරතුර පවා ඉතාමත් ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගත හැකි වේ. Electronic Image Stabilization සහ Optical Image Stabilization සහිත high sampling rate එකක් ඇති IMU measuring device එකක් සහ hull sensor එකක් යොදා තිබීම නිසා මෙවැනි ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගැනීමේ හැකියාව ලැබී ඇත. 60fps frame rate එකක් සහිත මෙම තාක්ෂණය වඩාත් ස්ථාවර, පැහැදිලි සහ උසස් තත්ත්වයේ වීඩියෝ දර්ශන ලබාදෙයි.

භාවිතයට පහසු, ප‍්‍රායෝගික නිමාව

Reno2 F මාදිලියේ තිරය 6.5′ AMOLED Panoramic තිරයක් වන අතර එහි RESOLUTION මට්ටම 2340×1080 කි. එහි screen-to-body අනුපාතය 91.1%, ක් වන අතර 5එය 5th Generation Corning® Gorilla Glass යොදා නිපදවා ඇත. Sunlight AMOLED Screen නිසා එළිමහනේ දැඩි ආලෝකය මැද පවා තිරය පැහැදිලිව දර්ශනය වන අතර බලශක්තිය භාවිතා කිරීම 6% ක් අඩු නිසා සේවා කාලය 50% ක් දීර්ඝ වේ. Atmosphere Light සහිත 16MP pop-up ඉදිරිපස කැමරාවක් මීට යොදා ඇත.

දාර රහිත, තනි, වක‍්‍ර වූ නිමාවක් සහිත Reno2 ත්‍ බඳ සඳහා Three-layer stripping තාක්ෂණය භාවිතා වී ඇති නිසා නිසා එයට දිදුලන පෙනුමක් ලැබී ඇති අතර විවිධ කෝණ වලින් බැලීමේදී විවිධ වර්ණ රටා දර්ශනය වේ. මෙය සාමාන්‍ය Reno series දුරකථන මාදිලි වලටද වඩා කැපීපෙනෙන සුවිශේෂී ලක්ෂණයකි. ඒවායේ පසුපස කැමරා පසුපස කවරය යට පවතින අතර, එම දුරකථන සඳහාද 5th Generation Corning® Gorilla® Glass භාවිතා වී ඇත.

විශිෂ්ට ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන නවීනතම දෘඪාංග හා මෘදුකාංග

Android Pie 9.0 පදනම් කරගත් ColorOS 6.1 මෙහෙයුම් පද්ධතිය Reno2 ත්‍ දුරකථන මාදිලියට ඇතුළත් වී ඇත. එය දුරකථන මාදිලියේ බාහිර පෙනුමට මැනවින් ගැළපෙන අ්කකච්චැරි ඇතුළු විශේෂාංග රාශියකින්ද සමන්විත වේ. මීට පෙර යොදාගත් වර්ණ රටා වෙනුවට wallpapers වර්ණ යොදා ඇති අතර, තනි අතකින් දුරකථනය හැසිරවිය හැකි ආකාරයට නිමවා ඇත.
වීඩියෝ ක‍්‍රීඩාවල යෙදීම වඩාත් පහසු කිරීම සඳහාTouch Boost 2.0, Frame Boost 2.0 සහ Game Space වැනි විශේෂාංග මීට අතුළත් කර තිබේ. මේවා දුරකථනයේ ක‍්‍රියාකාරීත්වය ඉහළම මට්ටමක පවත්වාගනිමින් වීඩියෝ ක‍්‍රීඩා වල සතුට උපරිමයෙන් අත්විඳීමට උපකාරී වෙයි. බලශක්ති පරිභෝජනය කාර්යක්ෂම කරමින් දුරකථනය අනවශ්‍ය ලෙස රත්වීමේ ඉඩකඩ සීමා කිරීමේ හැකියාව Frame Boost 2.0 සතු ය. Game Space මගින් game apps සියල්ල හසුරුවමින් වීඩියෝ ක‍්‍රීඩා අත්දැකීම වඩාත් නිදහස් අත්දැකීමක් බවට පත්කරයි. මේ සියල්ල නිසා, වීඩියෝ ක‍්‍රීඩා වල යෙදීමේදී දුරකථන වල තිරය, බැටරියේ ආයුකාලය, ක‍්‍රියාකාරීත්වය සහ සංඥා ශක්තිය පරීක්ෂාවට ලක්කරන ඔඹඪ ඍයැසබක්බා වෙතින් OPPO Reno2 ත්‍ මාදිලියට තරු5 gaming performance සහතිකයක් හිමි වී ඇත.

වීඩියෝ දර්ශන නැරඹීමේ අත්දැකීම වඩාත් තෘප්තිමත් බවට පත්කරවීම සඳහා උසස් තලයේ තිරයට අමතරවDolby Atmos සහ Hi-Res Audio නාද තාක්ෂණයන් යොදා තිබේ.
Reno2 ත්‍ දුරකථන මාදිලියේ භාවිතා වන්නේ වඩාත් වේගවත් හා සුරක්ෂිතVOOC Flash Charge 3.0 ආරෝපණ තාක්ෂණයයි. මෙහි නව VFC algorithm එකක් භාවිතා වන අතර එමගින් ඔරසජනකැ ජය්රටසබට වේගය දෙගුණ වී අවසන් 10% ක ප‍්‍රමාණය ආරෝපණය වීම වඩාත් වේගවත් වේ. එමෙන්ම මෙහි විශාල 4,000mAh (Typ) බැටරියක් භාවිතා වීම, ආරෝපණය දීර්ඝ කාලයක් රැඳී පැවතීමට හේතුවකි.

රු. 74,990 කට මිල කර ඇති OPPO Reno2 ත්‍ මාදිලියේ නිමා වි Twilight Mist’ පෙනුමෙන් ආභාෂය ලබා ඇති අතර, Sky Whiteසහ Lake Green’ වර්ණ වලින් මිලදීගත හැකි වේ. පසුගිය දිනක භඳුන්වා දුන් OPPO A5 මාදිලියේ 3GB මතක ධාරිතාවක් සමගින් පැමිණෙන මාදිලියද රු. 34,990 කට දැන් වෙළඳපොළට නිකූත්වී ඇත.

 

OPPO පිළිබඳව

වේගයෙන් දියුණු වෙමින් පවතින OPPO සන්නාමයේ පරමාර්ථය වන්නේ නවීන දුරකථන තාක්ෂණය, අලංකාර නිමාව, සහ විශිෂ්ට කැමරා තාක්ෂණය සමගින්, පසුගිය වසර 10 ක් තිස්සේ ලද අත්දැකීම් එකට මුසු කරමින් පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන නිෂ්පාදනයන් වෙළඳපොළට හඳුන්වා දීම ය. ඵදඑදරස‘ැා රදඒඑසබට ජ්පැර්ල ඹකඑර් ්‍යෘ විශේෂාංග සහ 5ං ෘම්ක ක්‍්පැර් ’දදප වැනි තාක්ෂණයන් ප‍්‍රථම වරට ලොව ජංගම දුරකථන ක්ෂේත‍්‍රය වෙත හඳුන්වා දෙන ලද්දේ OPPO විසිනි.

2016 වසරේදී සෙල්ෆි ඡුායාරූප කෙරෙහි වැඩි අවධානයක් සහිත දුරකථන හඳුන්වා දීමෙහි සිට මේ වනවිට තම පරාසය බෙහෙවින් පුළුල් කරමින්, විවිධාකාරයේ නව සොයාගැනීම් හා තාක්ෂණයන් ඇතුළත් දුරකථන හඳුන්වා දෙමින් වඩාත් පුළුල් පාරිභෝගික ප‍්‍රජාවක් වෙත සමීප වීමට OPPO සමත් වී ඇත.

මේ වනවිට ලොව පුරා මිලියන 200 කට අධික පාරිභෝගිකයෝ පිරිසක් OPPO දුරකථන භාවිතා කරති. OPPO සමාගම රටවල් හා කලාප 35 ක ව්‍යාප්ත වී ඇති අතර අලෙවිසැල් 400,000 කට අධික සංඛ්‍යාවකින් OPPO දුරකථන මිලදීගත හැක. මේ වනවිට OPPO පර්යේෂණ මධ්‍යස්ථාන 4 ක් පිහිටුවා ඇති අතර ඉදිරියේදී තවතවත් පාරිභෝගිකයන් වෙත OPPO විශිෂ්ටත්වය සමීප කරවීම සමාගමේ ඉලක්කය වේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *