• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ රටට විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි – හිටපු ජනාධිපති මෛත්‍රිපාල

4 September 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අපේ රට ගොඩනැගිමට වගේම ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නැංවිමට විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “එක්වෙමු, වෙනසකට සැරසෙමු” අභිමානවත් 72 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය ඊයේ (03) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ Monarch Imperial හෝටල් පරිශ්‍රයේ දී උත්සවශ්‍රීයෙන් පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහි දී පක්ෂයේ සභාපති, 06 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය ” අද මේ සංවත්සරයට සිංහල ජනතාව වගේම උතුරේ දමිල ජනතාව වගේම මුස්ලිම් ජනතාවත් පැමිණ තිබෙනවා. විශේෂයෙන්ම අපිට අවශ්‍ය පරිවර්ථනය ඒ සදහා ලබා දීමට නොහැකි වීම නිසා මම එයට කණගාටුව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සර උත්සවය ඉතාමත් විධිමත්ව සංවිධානයක් ලෙස සැලසුම්සහගතව සංවිධානය කිරීම දැකිම සහ එහි සාර්ථක ආරම්භය දැකීම සතුටක්. අද ප්‍රධානවශයෙන්ම මීට පෙර කතා කල සියලු දෙනාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයත් පවතින දේශපාලන තත්වයන් සහ අප යන ගමන ගැන සදහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිටම ගමන් කලේ ලෙහෙසි පහසු ගමනක නෙවෙයි. මේ පක්ෂයේ ආරම්භය ඉදලාම අද දක්වාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අද ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ආරවුල් සහගතයි. ඒ වගේම අර්බුද සහිතයි. අද ජනතාව ඉදිරියට පවත්වන ජනාධිපතිවරණය සදහා බහුතරයගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. දේශපාලන පක්ෂවලට අද වැඩ කරන්නේ කිසිම හේතුවකට පක්ෂය දමා නොයන පක්ෂය තුළ සිටින පිරිසක් පමණයි. රටේ ජනගහනයෙන් සියයට හැටක් පමණ ඉදිරි මැතිවරණයේ දී ඡන්දය දිය යුත්තේ කාට ද කියලා තවම තෝරාගෙන නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට තවමත් ඡන්දය දීමට තෝරාගෙන නැති සියයට හැටක් පමණ ජනතාව ආකර්ෂණය කරගන්නේ කොහොමද, ඔවුන් දිනාගන්නේ කොහොමද, ඒ අය අපේ සංවිධනගත කරන්නේ කෙසේද කියන අභියෝගය අපි සතුව තියෙනවා. ඒ අභියෝගයට ප්‍රධාන වශයෙන්ම පක්ෂයේ සියලු දෙනාගේ දැඩි සමගිය සහ සහෝදරත්වය මිත්‍රශීලීත්වය බලපානවා. අනෙක් කාරණය තමයි මේ පක්ෂය ආණ්ඩුවක් හැදීමේ දී මුල්වන පිරිස තමයි පක්ෂයේ කාරක සභාව, දේශපාලන මණ්ඩලය වගේම ප්‍රධාන වශයෙන්ම ආසන සංවිධායකවරුන්. අපි තමන්ගේ හෘද සාක්ෂිය අනුව වැඩ කරලා ජනතාව අතරට යන්න පුළුවන්. අපි මේ සන්ද්‍යාවේ සංවත්සර උත්සවයක් සංවිධානය කරලා සතුටු වෙනවා වගේම මේ සතුට දීර්ඝකාලීන සතුටක් කරගන්න පුලුවන් වෙන්නේ ආණ්ඩුවක් පිහිටුවීමෙන් පමණයි. ආණ්ඩුවක් පිහිටුවාගැනීමට නොහැකි වුණොත් අපගේ ප්‍රතිපත්ති සහ දර්ශනය තුළ අපිට නැවත අවුරුදු ගණනාවක් ශ්‍රී ලාංකිය නිදහසම් පාක්ෂිකයා සහ පොදු ජනතාව කරදයට පත් වෙනවා. පවතින දේශපාලන තත්ත්වය අපි ඔබ දන්නවා. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය දුගීභාවය සහ දුප්පත්කම කියලා අපි දන්නවා. මේ දුප්පත්කමත් සමග අපට ලෙඩ රෝග හැදෙනවා, ඒවා වර්ධනය වෙනවා. තවත් පැත්තකින් දුගිභාවය නිසා ළමා අපචාර, මත්කුඩු, මංකොල්ලා කෑම් වැනි අපරාධ ක්‍රියා වැඩි වෙනවා. මගේ කාලයේ මත්කුඩු ව්‍යාපාරිකයන් එල්ලා මරන්න මම නියෝග කළා. ඒකාලයේ සිටි මාගේ අගමැතිතුමා සහ විරුද්ධ පක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට දුවගෙන ගියේ මේක කරන්න හොද නෑ කියලා. මානව හිමිකම් නැතිව යනවා කිව්වා. මේ රට ට එල්ලුම්ගහ හොද නෑ කිව්වා. ගමේ හෝ නගරයේ ජීවත්වෙන ඔබ දන්නවා ඇති මත්ද්‍රව්‍ය වලින් බරපතළ සමාජ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා කියලා. අද ගෙවල්වල අම්මාට තාත්තට අයියාට මල්ලිට ඉන්න බැරි තත්වයක් උදා වෙලා. බරපතල දේශපාලන සහ ආර්ථික අර්බුදයක ඉන්නකොට මෙය වෙනස් කරන්නේ කියන කාරණාවේ අභියෝගය තියෙනවා. අද මේ රට මේ තත්වයෙන් ගොඩ එන්න රටේ ජනාධිපතිවරයාටම විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ රට පාර්ලිමේන්තුවට පමණක් ගොඩගන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ ජනාධිපතිවරයා ගේ සිට අවසාන පුරවැසියා දක්වා මේ රට ගොඩගන්න නම් යම්කිසි අරමුණකට සැලසුම්සහගත වැඩපිළිවෙලක් කරා ගෙන යා යුතුයි. එස් ඩබ්ලිව් බණ්ඩාරනායක මැතිතුමා , සිරිමාවෝ මැතිණිය මේ රටේ දේශපාලනඥයින්ට හොද පාඩම් කියලා දුන්නා. බණ්ඩාරනායක මැතිතුමාගේ 56 ආණ්ඩුව කියන්නේ ඒ ආණ්ඩුව දේශපාලන පක්ෂවල බලවේගයක ආණ්ඩුවක් නොවෙයි. එදා තිබුණු සංස්කෘතික බලවේගවල වේදිකාවකින් බිහිවුණු ආණ්ඩුවක් කියලා මම කියනවා. බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් නිදහස ලැබුණට පස්සෙ ගමේ ගොවියා කම්කරුවා ගුරුවරයා ධීවරයා කල්පනා කෙරුවේ කෝ අපට නිදහස කියලා. ඒ ලැබුණු බලවේගවල එකතුවකින් හැදුණු වේදිකාවක් තුළින් තමයි 56 දේශපාලන බලවේගය ඇති වුණේ. අපි කල්පනා කරන්නෝන එක අරමුණක යන්නේ කොහොමද කියලා. මුලික වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමට අපොහොසත් වෙලා තියෙනවා. රටකට භාෂාව, ආගම, සංස්කෘතිය ඉතාමත් වැදගත්. නමුත් ඒවායින් රට බෙදෙනවා නම් රට ගොඩගන්න පුළුවන්කමක් නැහැ. ඉන්දියාවේ කොතරම් ආගම් තියෙනවාද, භාෂා කොපමණ තිබෙනවාද. නමුත් ඉන්දියානුවන් රට ගොඩනැගීමේ කර්තව්‍යයෙහි යෙදි සිටිනවා. ඔවුන් අද ලෝකයක් කතා කරන තැනට පත්වෙලා තියෙන්නේ එම සහෝදරත්වයේ බැඳියාවෙන් ඔවුන් රට ගොඩනගන ක්‍රියාවලියේ යෙදිලා ඉන්නවා. මේ රට ගොඩනැගීමේ දී හොද විදේශ ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. අද තියෙන්නේ විදේශ ප්‍රතිපත්ති වෙනුවට විදේශ සම්බන්ධතා. අපි මේ සම්බන්ධතා තුලින් ප්‍රතිපත්තියක් සාදා ගත යුතුයි. ගෙවී ගිය සියවසයේ පැහැදිලි ලෙසම ප්‍රධාන වශයෙන්ම දේශපාලන ව්‍යාපාර ප්‍රමාණවත් නවීකරණයකට ලක් කරලා නෑ. දේශපාලන පක්ෂ වැඩි වෙලා මේ රට බෙදීම තමයි සිදු වෙලා තියෙන්නේ. දේශපාලන කල්ලි කණ්ඩායම් හැදිලා තියෙනවා. ඒ නිසා මේ රටේ ප්‍රධාන වශයෙන් සමගියට බාධාවක් එල්ල වෙලා තියෙනවා. මේ තත්ත්වයෙන් අපි මිදිය යුතුයි. රටකට ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් සහිත පක්ෂ තිබිය යුතුයි රටක් දියුණු වෙන්න. දේශපාලන පක්ෂ පුණ්‍ය ආයතන විය යුතු නැහැ. දේශපාලන ප්‍රතිපත්තිවලින් ගොඩනැගුණු පුරවැසියන් සහිත රටක් බිහිකල යුතුයි. දේශපාලනඥයා පුරවැසියා අතර ස්ථාපනය වන සම්මුතියක් වෙනුවට මුලික වශයෙන් වංචාව, අවනීතිය, හොරකම් සම්පූර්ණයෙන් නැති කරලා සමාජ සංස්ථාවක් බිහි කිරීමේ කාර්ය අප විසින් සිදු කළ යුතු වෙනවා. ප්‍රධාන වශයෙන් රටේ ආර්ථිකය අධ්‍යාපනය සෞඛ්‍ය, යටිතල පහසුකම්, කෘෂිකර්මය, බලශක්තිය ආදී සියලු විශයන් සදහා දිගුකාලීන සැලැස්මක් තිබිය යුතුයි. ඒවාගේම මධ්‍යමකාලීන සැලැස්මක්, කෙටිකාලීන සැලැස්මක් තිබිය යුතුයි. මා දුටු හොදම සැලැස්ම තමයි 70 – 77 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවේ පස්අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වීම. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම කර්මාන්ත ශාලා බිහි වුණා. 1977 උපාලි ෆියට් කාර් එක නිර්මාණය කරලා ජනසතු කළා. නමුත් 77 න් පසු ජේ. ආර් ජයවර්ධන මහත්මයාගේ ආණ්ඩුවෙ දි ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රමය නිසා මේ සියල්ල අහිමි වුණා. ඒ නිසා තමයි චීනයෙන් තවම බැලුම්බෝලය පවා ගෙන එන්නෙ. 77 න් පසු අපට තිබුණු මහා කර්මාන්ත අපිට නැති වුණා. විවෘත ආර්ථිකයේ අයහපත් පැත්තක් නිසා මේ රට බංකොලොත් තත්වයට පත් වුණා. අපි සමෘද්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. අපේ රට දූපතක් වෙලත් අපි මහ මුහුදෙන් ප්‍රයෝජන ගන්නේ නැහැ. අපේ රටේ ධීවර කර්මාන්තය ශක්තිමත් කරන්න කොපමණ දේවල් කරන්න පුළුවන්ද. නමුත් අපේ රටේ කිසි දෙයක් කරන්නේ නැහැ. රටට ආදායාමක් එන රට ශක්තිමත් කරන කිසිදු වැඩපිළිවෙලක් මහ මුහුදෙන් අපි හැත්තෑ ගණනක් තිස්සේ අරගෙන නැහැ. මේ 72 සංවත්සර උළෙල එක් වෙමු වෙනසකට සැරසෙමු කියන තේමාව යොදා ගත්තේ අපි හැම කෙනෙක්ම එකතු වෙලා වෙනසක් කරන්න සැරසිය යුතුයි කියලා. මේ රටේ සියලු දෙනා එකතු වෙලා සහෝදරත්වයෙන් එක ගමනක් යන්න සූදානම් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් විදිහට ආදර්ශයක් ලබා දිය යුතුයි. මේ රට ආර්ථික අර්බුදයෙන් උග්‍ර ලෙස පීඩා විදි අවස්ථාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක යෝජනාව ගෙන ආවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්. කොවිඩ් වසංගත කාලයේ රටෙහි ආර්ථික සමාජ ප්‍රශ්නත් සමග රට බරපතළ අගාදයකට යනවා කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැක්කා. නමුත් රටේ අවසානාවකට පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ දෙකක් මේ යෝජනාවට කැමති වුණේ නැහැ. වර්තමාන ජනාධිපති තුමා වගේම හිටපු ජනාධිපති ගෝඨාභය මහත්මයත් මෙම යෝජනාවට කැමති වුණත් පාර්ලිමේන්තුවේ යම් යම් බෙදීම් නිසා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. දේශපාලන මතවාදය එක මතවාදයාකට ගෙන යා යුතුයි. ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය ගත යුතුයි. ඒ වගේම පක්ෂය සීග්‍ර නවීකරණයකට ලක් කර යුතුයි. අද තාක්ෂණයත් එක්ක සමාජ වෙනස් වීම් එක්ක පක්ෂය නවීකරණය කළ යුතුයි. දේශපාලනඥයා ප්‍රභූ මානසිකත්වයෙන් වෙන් වෙන්නට ඔනෙ. දේශපාලනඥයෝ එක් එක් විදිහට හැසිරෙන්න පටන් අරගෙන තියෙනවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය රටේ සංවර්ධනයට විශාල බාධකයක්. දේශපාලනඥයා ජනතා සේවකයෙක් විනා ජනතා ප්‍රභූවරයෙක් නොවිය යුතුයි. අපි ප්‍රධාන වශයෙන් පස් වැදෑරුම් උපාය මාර්ගයක් යෝජනා කරනවා මේ සමුළුව තුළ. අපි තෘප්තිමත් ගෝලීය ලාංකිකයෙක් නිර්මාණය කළ යුතුයි. මේ රටේ සෑම පුරවැසියෙක්ම ශ්‍රී ලාංකිකයෙක් බවට පත් විය යුතුයි. අනෙක් කාරණය තමයි දැනුම මූලික කරගත් ශිෂ්ඨ සමාජයක් බිහි කළ යුතුයි. ශ්‍රී ලංකාව වත්මන් භූ දේශපාලන ප්‍රවණතාව මනාව තේරුම්ගත් සෛවරී විදිමත් දේශයක් බවට පත් කර ගැනීම අත්‍යාවශ්‍යයි. ගෝලීය ප්‍රවණතා සදහා ඔත්තු දෙන තිරසාර ආර්ථිකයක් ඇති කරගැනීම අවශ්‍යයි. පුරවැසියා සවිබල ගැන්වූ දූෂණයෙන් තොර ජනතා රාජ්‍යක් නිර්මාණය කිරීම ස්වදේශිකවාදී චින්තනය තුළ සිදු විය යුතුයි. සංස්කෘතික බලවේගයන් තුළින් යහපත් සමාජයක් නිර්මාණය කළ යුතුයි. බුද්දිමතුන් රට හැර දමා යන එක වැලැකිය යුතුයි. බුද්ධිගලනය මෙරටේ විශාලය ඛේදවාචකයක්. මේ රට එක මතවාදයක් තුළ ගෙන යමින් ගොඩනැගිය යුතුයි යැයි මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සංවත්සරය සදහා මහා සංඝරත්නය ඇතුළු පූජක තුමන්ලාත්, අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා, ශ්‍රීලනිප මහ ලේකම් නීතිඥ දයසිරි ජයසේකර මහතා, පක්ෂයේ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා අමාත්‍ය මහින්ද අමරවීර, රෝහණ ලක්ෂමන් පියදාස , පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා, පක්ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න රාජ්‍ය නායකතුමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් , ඉන්දියානු මහකොමසාරිස්තුමන් ප්‍රමුඛ චීනය, කියුබාව ආදී රටවල් නියෝජනය කරන නියෝජිතවරුන් ද මෙම සංවත්සරය සදහා සුබ පතන්නට සහෝදර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරමින් මහජන නියෝජිතයන් පිරිසක් ද අධිකරණ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු උප සභාපතිවරුන්, උප ලේකම්වරුන් සහ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රීක් සංවිධයාකවරුන් තරුණ කාන්තා හා වාත්තීය සමිති නියෝජිතයන් රැසක් සහභාගී විය.

Post Views: 10
Previous Post

සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙල අභිමානවත් ලෙස පැවැත්වේ

Next Post

ජනපති රනිල්ව ඝාතනය කරන බව ෆේස්බුක් දැමු තරුණයා අත්අඩංගුවට

editor

editor

Next Post

ජනපති රනිල්ව ඝාතනය කරන බව ෆේස්බුක් දැමු තරුණයා අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025

Recent News

අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් බස් රථ අනතුරක්

අදත් බස් රථ අනතුරක්

14 May 2025
අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved