• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා අධිකරණයට,මාධ්‍යට කරන බලපෑම් හෙලා දකිනවා – පැෆ්රල්

25 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකින බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අනාගතයේදී තමන්ට අවනත නොවන මාධ්‍ය ආයතන දඩයම් කිරීම සදහා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත නොකරාවි යැයි ලබා දිය හැකි සහතිකය කුමක්දැයිද, මාධ්‍ය ආයතන තොරතුරු ඉදිරිපත් කිරීමේ සමබරතාව ආරක්ෂා කරගත යුතු නමුත් මාධ්‍ය ආයතන වෙත තර්ජනාංගුලිය යොමුකිරීම කිසිසේත් සදාචාරාත්මක නොවන බවද විශ්වාස කරන බව පැෆ්රල් සංවිධානය නිකුත් කල නිවේදනය සඳහන් කර ඇත.

එම සංවිධානය නිකුත් කල නිවේදනය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අධිකරණයට සහ මාධ්‍ය ආයතන වලට සිදුකරන බලපෑම හෙලා දකිමු.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව මූලික කටයුතු මැතිවරණ කොමිෂන් සභාව විසින් සැලසුම් කරන ලද්දේ ඔවුන් වෙත පැවරී ඇති ව්‍යවස්ථාපිත වගකීමක් ලෙසටය. නමුත් ඉන්පසු මූල්‍ය ප්‍රථිපාදන නිදහස් නොකිරීම මත දේශපාලන පක්ෂ මෙන්ම මැතිවරණ කොමිසමද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දැක්වීමේ ප්‍රථිඵලයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් බාධාවකින් තොරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සදහා අදාල මුදල් නිකුත් කිරීමට බාධා නොකරන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයා වෙත සහ මුදල් අමාත්‍යවරයා වෙත අතුරු තහනම් නියෝගයක් පනවන ලදී. මෙකී නියෝගය හරහා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවත් එම හේතුව නිසා අදාල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවීමට උත්සාහ කිරීම අධිකරණයේ ස්වාධීනතාවයට කරනු ලබන බරපතල අභියෝගයකි.

එසේම අධිකරණ ක්‍රියාවලිය හරහා සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කිරීමකි. එනම් පාර්ලිමේන්තුව සම්මත කල අයවැයට අනුව මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ඇතිකල බාධා කිරීම් නවතන ලෙස කරන ලද නියෝගයකි. අනෙක් අතට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද හිමිව ඇත්තේ ඔවුන් ජනතාවගේ නියෝජිතයන් වන හෙයිනි. අධිකරණය කර ඇත්තේ එම ජනතාවගේ (වරප්‍රසාදය) අයිතිය ආරක්ෂා කිරීමකි.

මෙම තත්ත්වය යහපත් ප්‍රවණතාවක් නොවන බව අප විශ්වාස කරමු. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන බල කේන්ද්‍ර තුන නිර්මාණය වී ඇත්තේ සංවරණ හා තුලන ක්‍රියාවලිය නිසි ලෙස අභ්‍යාස කිරීමේ අරමුණිනි. නමුත් මේ අයුරින් එක් බල කේන්ද්‍රයක් අනෙක් ව්‍යුහයන් පරයා ඉස්මතුවීමෙන් ඇති වනුයේ විශාල අර්බුදයකි. ආර්ථික වශයෙන් බරපතල අර්බුදයක සිටින රටක් ලෙස ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතරද අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වුවහොත් රටට සිදු වන අගතියට ඒ සදහා සම්මාදම් වූ දේශපාලන නියෝජිතයින් වගකිව යුතුය. එමෙන්ම අධිකරණ ක්‍රියාවලිය පිළිබදව යම් මට්ටමකට විශ්වාසය දිනා සිටින අප රට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් වීමද මේ හරහා සිදුවිය හැකි අනිටු පල විපාකයකි.

තවද ජනතාවට තම මතය ප්‍රකාශ කිරීමට ඇති මැතිවරණ සිතියම හකුලා දැමීම සහ ජනමාධ්‍ය මගින් හෝ එකී මතය සමාජ ගත කිරීමට දරණ උත්සාහය මර්ධනය කිරීම කිසිසේත් අනුමත කල නොහැකිය. අනාගතයේදී තමන්ට අවනත නොවන මාධ්‍ය ආයතන දඩයම් කිරීම සදහා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත නොකරාවි යැයි ලබා දිය හැකි සහතිකය කුමක්ද? මාධ්‍ය ආයතන තොරතුරු ඉදිරිපත් කිරීමේ සමබරතාව ආරක්ෂා කරගත යුතු නමුත් මාධ්‍ය ආයතන වෙත තර්ජනාංගුලිය යොමුකිරීම කිසිසේත් සදාචාරාත්මක නොවන බවද අප විශ්වාස කරමු.

එනිසා අප අවසන් වශයෙන් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට සහ මාධ්‍ය ආයතන වලට බලපෑම් කිරීමට කටයුතු නොකරන ලෙසත් වඩා දියුණු ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයක් වන සංවරණ හා තුලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වයක් දක්වන ලෙසත්ය.

ස්තූතියි!

 

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්‍ෂ

 

Post Views: 2
Previous Post

දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

Next Post

අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව ඡන්දය කල් දාන්න කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව ඡන්දය කල් දාන්න කුමන්ත්‍රණයක් - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

15 September 2025
නාමල් සුළඟක් ළගදීම ?

නාමල් සුළඟක් ළගදීම ?

15 September 2025
මුත්‍රා කරන්නවත් එළියට යන්න බයයි – ආණ්ඩුව නඩු දානවා

මුත්‍රා කරන්නවත් එළියට යන්න බයයි – ආණ්ඩුව නඩු දානවා

15 September 2025
ඉන්දියාවේ භූකම්පාවක්

ඉන්දියාවේ භූකම්පාවක්

15 September 2025

Recent News

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

15 September 2025
නාමල් සුළඟක් ළගදීම ?

නාමල් සුළඟක් ළගදීම ?

15 September 2025
මුත්‍රා කරන්නවත් එළියට යන්න බයයි – ආණ්ඩුව නඩු දානවා

මුත්‍රා කරන්නවත් එළියට යන්න බයයි – ආණ්ඩුව නඩු දානවා

15 September 2025
ඉන්දියාවේ භූකම්පාවක්

ඉන්දියාවේ භූකම්පාවක්

15 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දුන්නේ නෑ – පකිස්ථාන පුහුණුකරු

15 September 2025
නාමල් සුළඟක් ළගදීම ?

නාමල් සුළඟක් ළගදීම ?

15 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved