27 April 2024
#දේශීය

දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

මාතලේ ගලේවල දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව ප්‍රතිභා ප්‍රණාම උළෙල මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

විද්‍යාලීය එළිමහන් රංග පිඨයේ දී පැවති මෙම වැඩසටහන සදහා විචිත්‍රවත් අංග රැසක් එක් කර තිබු අතර, මෙහිදී පාසලේ ක්‍රියාකාරකම් කාමරය ද පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට ලක් විය.

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, නිවැරදි නායකත්වයට උදාහරණයක් මෙම පාසලෙන් දැකිය හැකි බවත්,නිවැරදි නායකත්වය හෙට ලොවට වැඩදායී පුරවැසියන් බිහිකරනු ලබත් පාසලේ දරු දැරියන්ට නිවැරදි මාවත පෙන්වමින් දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීම උදෙසා කැප වි ක්‍රියාකළ විදුහල්පතිවරයා ඇතුලු ගුරු මණ්ඩලය අගය කර සිටින බවත්ය.
පාසලේ භූමිය සම්බන්ධයෙන් පවතින ගැටලුව ඇතුලු හදුනාගත් ගැටලු සදහා විසදුම් අදාල අංශ සමග සාකච්ඡා කර කඩිනමින් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි නිමලසිරි , පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් අධ්‍යක්ෂ අමරසිරි පියදාස , කලාප අධ්‍යක්ෂ එම්.එස්. එම් වීරසුරිය යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් සහ විදුහල්පති කුලතුංග අධිකාරි මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *