27 April 2024
#දේශීය

අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව ඡන්දය කල් දාන්න කුමන්ත්‍රණයක් – විපක්ෂ නායක සජිත්

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ අලි කපුටු පොහොට්ටු රාජපක්ෂ ආණ්ඩුව විසින් මැතිවරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන්න විශාල කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (24) බොරැල්ල කුප්පියාවත්තේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

ත් ඒ යටතේ මැතිවරණය වෙනුවෙන් වෙන් කළ මුදල් ලබා නොදීම හා අධිකරණයේ විනිසුරුවන් විවේචනය සහ චරිත ඝාතනය කරමින් බිය වද්දවන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජනතාව බඩගින්න වෙනුවෙන් මහ පාරට බහින කොට රාජ්‍ය මිලේච්ඡත්වය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීම තවදුරටත් ඉවසා සිටින නොහැකි බවත් මේ ඒකාධිපතීත්වය දිහා බලාගෙන කරබාගෙන සිටිය නොහැකි බවත් එබැවින් සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳගෙන මේ දුර්දාන්ත, ඒකාධිපති ආඥාදායක රාජ්‍ය ත්‍රස්තවාදය පළවා හැරීමට මහපාරේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී වීදී සටනකට එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට පාලනය කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පිරිස් බලයට, ජන බලයට, පොදු ජනතාව අතරට යෑමට සහ මැතිවරණයට බය බවත් මැතිවරණයක් තිබුණහොත් ඔවුන් අන්ත පරාජයට පත්වන බව දන්නා නිසා මැතිවරණය කල්දමමින් සිටටින බවත් මේ බියගුලු, නිවට, කොන්ද පන නැති නායකත්වය, මැතිවරණයට මුහුණ දෙන්න බය නායකත්වය කෙසේද රටක් ගොඩ නගන්නේ කියා තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *