පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යන නෞකාවන් මෙන්ම ‘PNS/M HANGOR’ සබ්මැරීනය සිය සුහද සංචාරය සාර්ථකව අවසන් කරමින් පසුගිය ජූනි 04 වැනි දින දිවයිනෙන් පිටත්ව ගියේය. ජූනි මස 01 වැනි දින කොළඹ වරායට පැමිණි මෙම නෞකා කණ්ඩායම වෙත, ශ්‍රී ලංකා නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
දිවයිනේ රැඳී සිටි කෙටි කාලසීමාව තුළ මෙම නෞකාවන්හි අණදෙන නිලධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති හා ධජ නිලධාරී නාවික දියත් විධානය අතර නිල හමුවක් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්විණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන්ට මෙම නෞකාවන් සහ සබ්මැරීනය නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව හිමි වූ අතර, පාකිස්ථාන නෞකා කාර්ය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට ද එක් විය.
















