මධ්‍යම පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියයේ නව සභාපති ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රි පරාක්‍රම දිසානායක මහතා ඊයේ(11)දින සිට පත් කර තිබේ.
අදාල පත්විම් ලිපි ලබා දිම මධ්‍යම පළාත් අෘණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා විසින් මහනුවරදි සිදු කෙරුණි.
පරාක්‍රම දිසානායක මහතා මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රිවරයෙකු වන අතර පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතාගේ සහෝදරයාද වේ.
පත්විම් ලිපි ලබා දිමේ අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රිවරුන් වන තිලක් රාජපක්ෂ,රෝහණ දිසනායාක,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,සම්බන්ධිකරණ ලේකම් එස්.බි රත්නායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න