27 April 2024
#දේශීය

2022 ගුවත් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලිය චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2022 ගුවන් හමුදාධිපති කුසලාන සාත්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය, ලබන 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීන වරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සූදර්ශන පතිරණ මැතිතුමන්ගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 09 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.

මෙම වසරේ ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟවලිය සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයේ නියෝජ්‍ය සභාපති නවීන් පිරිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ත්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරකාවළිය සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඩයබ්ලොග් එන්ටර්පයිස් ආයතනය භාග්‍යයක් කොට සලකන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *