• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු විදුහල්පති ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතුයි – ජවිපේ

19 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් කළ බවත් ගුරු විදුහල්පති ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා අද (19) පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ ගුරු- විදුහල්පති වැටුප් ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ සුබෝධිනී කමිටු වාර්තාව විසින් නිර්දේශ කරන ලද වැටුප් විෂමතා ඉවත් කර ගැනීම බවයි.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම අනුගමනය කළේ අරගලය නොසලකා හරින හා සටනට අවලාද එල්ල කළ බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙසේ අදහස් පල කලේය ” මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතු වී ඉතාමත් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ, ඔවුන්ගේ සාධාරණ සටන අඛණ්ඩව කරගෙන යන අතර දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ අයිතිය තමන් විසින් පවරා ගන්නා බව ප්‍රකාශයට පත් කිරීමයි. ආණ්ඩුව විසින් තීරණය කරන ලද 21 හා 22 පාසල් නොයෑමටත් ඒ වෙනුවට 25වැනිදා සිට දරුවන්ට ඉගැන්වීම භාර ගැනීමට ඔවුන් රටට සහතිකයක් ලබා දුන්නා. එය ඉතාමත් නිවැරදි තීන්දුවක්. එම තීන්දුව නිසා ආණ්ඩුවේ දුෂ්ට උත්සාහයන් සියල්ල පරාජයට පත් වුණා. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව දියත් කරන්න හදපු විරෝධය අසාර්ථක කරන්න එමගින් හැකිවුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයින් ඉතාමත් නිවැරදි ලෙස තීන්දුවක් ගත්තා. එම තීරණය පිළිබඳව අපි අපේ ප්‍රසාදය පළ කරනවා. රටේ ජනතාවත් විශේෂයෙන් දෙමව්පියන් මේ ගැන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ස්තූතිය පළ කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ දරුවන්ට වඩාත්ම ආදරය කරන්නේ තමන් බව ඔවුන් ඔප්පු කර පෙන්වූවා. ආණ්ඩුව තමන් දරුවන්ට ඉතාමත් ආදරය කරන බව පෙන්වීමට බොරුවට රඟපාමින් සිටියා. ඔවුන් දරුවන්ට ආදරය කළානම් අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කළ යුතුව තිබුණා. පාසල්වල අඩුපාඩුකම් සම්පූර්ණ කළ යුතුව තිබුණා. දරුවන්ට උගන්වන ගුරුවරුන් විසින් ඉල්ලන අවම වැටුප දිය යුතුව තිබුණා. ඒ කිසිවක් ලබා නොදී සල්ලි නාස්ති කරමින් සිටින ආණ්ඩුව අද දරුවන් ගැන බොරුවට කිඹුල් කඳුළු හෙළනවා. නමුත් ආණ්ඩුවට වඩා තමන් වගකීම් ඉටු කිරීමට සූදානම් බව ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීරණයක් ගැනීමෙන් පෙන්වා දුන්නා.

මෑත කාලයේ වැඩිම ජනතා සහයෝගයක්, ප්‍රසාදයක් ලබා ගත් අරගලයක් බවට ගුරු විදුහල්පති අරගලය පත්වුණා. වැටුප් විෂමතා ගැටලුව විසඳන බවට පොරොන්දු වී ගුරුවරුන්ගේ ඡන්දය ගෙන බලයට පැමිණි ආණ්ඩුව එම අරගලය හමුවේ කටයුතු කළේ ඉතාමත් දුෂ්ට හා මර්දනකාරී ආකාරයෙනුයි. උද්ඝෝෂණවලදී පොලීසිය ලවා ගුරුවරුන් ගුරුවරියන් අත්අඩංගුවට ගත්තා. නිරෝධායන නීති කැඩූ බවට රිමාන්ඩ් කළා. ආණ්ඩුව නිරෝධායන නීති ඇති තරම් කඩමින් සිටියෙදී නිරෝධායන නීති රකිමින් අරගලයේ යෙදුණු ගුරුවරුන්ට හිරිහැර කළා. නමුත් මෙයින් සිදු වූයේ ගුරු අරගලය තවත් මුවහත් වීම පමණයි. එය මෑත කාලයේ ශක්තිසම්පන්නම, සටන්කාමීම සහ සමගිසම්පන්නම අරගලය බවට පත් වුණා. අදටත් ඔවුන් එලෙසම ඒ සටනේ සිටිනවා. නමුත් ආණ්ඩුව තමන්ට හිතවත් සමාජ මාධ්‍ය, කුලී ලියන්නන් පාවිච්චි කරමින් ගුරු සටනට දිගින් දිගටම මඩ අවලාද නැගුවා. ගුරු පොකුරු හැදුණු බව, මිය නොගිය අය පාවිචිචි කරමින් මරණ දැන්වීම් පවා හැදුවා.

මෙයින් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විරෝධය වැඩි වුණා. ආණ්ඩුව ගුරුවරුන් හා දෙමව්පියන් අතර ගැටුමක් හදන්න හැදුවේ ඉන් පසුවයි. ආණ්ඩුව ඔක්තෝබර් 21 පාසල් කොටසක් විවෘත කරන්න තීන්දුවක් අරගෙන ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය නොසලකන බව පෙන්වන්න හැදුවා. ඒ වෙනුවෙන් නාට්‍යමය ජවනිකා කිහිපයකුත් හැදුවා. ඇමතිවරුන්ගේ හෙංචයියන් දෙමව්පියන් ලෙස රඟපාමින් මෙවැනි මත සමාජයට ගෙනියන්න හැදුවා. ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීන්දුවක් අරගෙන ආණ්ඩුවේ උත්සාහය පරාජය පත් කරන්නේ මෙවැනි මොහොතකයි. ගුරු – විදුහල්පතිවරු ඉදිරියේ ආණ්ඩුව නැවත වතාවක් පරාජයට පත් වුණා. ජනතාවගේ ගෞරවය දිනා ගනිමින් සටන් කරන්නේ කොහොම කියන එකට මෙම සටන ආදර්ශයක් ලබා දෙනවා. ගුරුවරුන් විදුහල්පතිවරුන් අත්‍යාවශ්‍ය සටනක් තිබියෙදීත් දරුවන්ට ඉගැන්වීමේ වගකීම තමන්ට පවරා ගත්තා.

එමගින් මේ සටනේ සාධාරණත්වය යටපත් කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකියි. විවිධ සටන් ක්‍රම, නව ආකෘති ඔස්සේ ඒ සටන ඉදිරියට යා යුතුයි. ලැබිය යුතු වැටුප් වැඩි වීම තුනට බෙදා එයින් පළමු පියවර ලෙස එක කොටසක් ලබා ගැනීමට ගුරුවරුන් විදුහල්පතිවරුන් කැමැත්තෙන් හිටියා. නමුත් ආණ්ඩුව තුනෙන් එක, තුනට බෙදා ගෙවන්න හැදුවා. ඒ කියන්නේ නමයයෙන් එකක්. ඉලක්කමෙන් කිවුවොත් එයින් මාසෙටම වැඩි වෙන්නේ රු. 1250යි. නමුත් ආණ්ඩුව ගෑස් පමණක් රු. 1257කින් මිල ඉහළ දැමුවා. මෙය භාණ්ඩ විශාල ප්‍රමාණයක මිල වැඩි වී තිබෙන මොහොතක්. ආණ්ඩුව ජනතාව මත බර පටවන්න, උදව් කළ ජාවාරම්කාරයින්ට උදව් කරන්න සූදානමින් සිටියත් ගුරුවන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට සූදානම් නැහැ. මෙය ජනතා විරෝධී ජාවාරම්කරයින්ගේ ආණ්ඩුවක්. සුබෝධිනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට වසරකට වැය වෙන්නේ රු. බිලියන 64යි. මාසයකට අවශ්‍ය වෙන්නේ බිලියන 05ක් වැනි මුදලක්. ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින නාස්තිකාරී වියදම් හමුවේ මෙය කුඩා මුදලක්. ආණ්ඩුව ඩොලර් මිලියන ගණන්වලින් ණය ගනිමින් සිටිනවා. නමුත් අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් සිටින ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීමට සුළු මුදලක් වෙන් කිරීමට සූදානම් නැහැ.

අනෙක් අතට ආණ්ඩුව කෝටි ගණනින් මුදල් අච්චු ගසමින් සිටිනවා. පසුගිය 15වැනිදා පමණක් රු. බිලියන 19.63ක මුදල් මුද්‍රණය කොට තිබෙනවා. මේ ආණ්ඩුව පැමිණි මාස 12ක 14ක කාලය තුළ පමණක් රු. බිලියන 1300ක මුදල් මුද්‍රණය කොට තිබෙනවා. ආණ්ඩුවේ සුඛ විහරණය වෙනුවෙන්, උත්සව වෙනුවෙන් මෙම මුදල් නාස්ති කරනු ලබනවා. ලබන වසරේ ඡන්දයක් ඒමට නියමිත නිසා ආණ්ඩුව තමන්ගේ ප්‍රාදේශීය දේශපාලකයන්ට මුදල් ලබා දෙමින් සිටිනවා, ජොගින් පාත් හදනවා වගේ වැඩවලට. ආණ්ඩුව කටයුතු කරමින් සිටින්නේ කා වෙනුවෙන්ද කියන එක තේරුම් ගැනීමට මේ උදාහරණයම ඇති. ඒ වගේම පැන්ඩෝරා පේපර්ස්වලින් හෙළිවූ නිරූපමා රාජපක්ෂගේ වත්කම් රු. බිලියන 35ක්. ගුරුවරුන්ට වැටුප් ගෙවන්න හැකි තරම් මුදලින් භාගයක් එක්කෙනෙක් විතරක් හොරකම් කරගෙන.

ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනයට අදාළ පහසුකම් සැලසීමට උනන්දු වන්නේ නැහැ. පාසලේ බර දෙමව්පියන් මත පටවලා. දෙමව්පියන් පාසලට කැඳවලා මකුළුදැල් කඩවා ගන්න මට්ටමට වැටුණු ආණ්ඩුවට දරුවො ගැන කතා කරන්න කිසිදු අයිතියක් නැහැ. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න භෞතික සම්පත් වගේම දියුණු මානව සම්පතත් අවශ්‍යයි. අධ්‍යාපන ක්ෂේත්‍රයට හොඳම දැනුම සහිත පිරිසක් ආකර්ෂණය කර ගැනීමටනම් වැඩි වැටුපක් ලබා දිය යුතුව තිබෙනවා. මාසයකට රු. 35,000ක වැටුපක් ලබා දීමෙන් එය කළ නොහැකියි. මෙවැනි තත්වයක් තුළ ගුරු ක්ෂේත්‍රය තුළ පවත්වා ගත යුතු අධ්‍යාපනික ගුණය බිඳවැටෙනවා. ඔවුන්ට ගෞරවනීය ලෙස ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් දිය යුතුයි. ආණ්ඩුවේ අරමුණ අධ්‍යාපනය සඳහා දරන වගකීමෙන් ඉවත්වීමයි. රජයේ පාසල් අධ්‍යාපනය බිඳ වැටීමේ පාඩුව සමාජයේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ටයි. ආණ්ඩුවේ දේශපාලකයින්ගේ, ඔවුන්ගේ පංතියේ අයගේ දරුවන්ට නෙමෙයි. ආණ්ඩුවට ඇත්තේ ගොවි, කම්කරු සාමාන්‍ය ජනතාවගේ දරුවන්ව අධ්‍යාපනයෙන් එලවා දැමීමේ පිළිවෙතකුයි. ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා නොදී සිටීම එහි එක් පියවරක්.
ජනතාවගේ දරුවන්ට උගන්නන්න 25වැනිදා සිට පාසලට එන්න ගුරුවරුන් සූදානම්. ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් දිනා දීමේ වගකීම ජනතාව විසින් භාර ගත යුතුයි. ඒ වෙනුවෙන් දෙමව්පියන් මේ සටනට එකතු විය යුතුයි. ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කළ යුතුයි. එමගින් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් සියලු දෙනාගේ දායකත්වය ලබා දෙන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වක්ෂයක් ලෙස මේ සටනට අපි අපේ උපරිම සහය ලබා දෙන බව ප්‍රකාශ කරනවා. ඒ වගේම පාලකයින් විසින් මෙම ඉල්ලීම් සම්පූර්ණයෙන් ඉටු කරාවිය යන අපේක්ෂාවක් අප තුළ නැහැ. ගුරුවරයාගේ ආත්මගරුත්වය රැකෙන වැටුපක් ලබා දිය හැකි, ආර්ථිකයක් නිර්මාණය කළ හැකි සහ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහිත අලුත් සමාජයක් අප විසින් නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් මේ දේශපාලන ක්‍රමය හා ආණ්ඩු පරාජයට පත් කර ජනතාවාදී පාලනයක් බිහි කර ගැනීමට ජනතාව අත්වැල් බැඳගත යුතුයි. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Post Views: 2
Previous Post

ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා – ඇමැති ප්‍රසන්න

Next Post

ටෙන්ඩර් නැතිව ඇමති කැමති කොම්පැනියෙන් පොහොර – රජිත් කිර්ති

editor

editor

Next Post

ටෙන්ඩර් නැතිව ඇමති කැමති කොම්පැනියෙන් පොහොර - රජිත් කිර්ති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved