• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නෙ නැහැ. – ඇමැති නාමල්

31 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවක් විදියට ජනතාවට අසාධාරණයක් වෙන්න ඉඩ නොතියන බවත් එම ගැටළුව කඩිනමින් විසදන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) බණ්ඩාරවෙල නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසල සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ‘‘මම බණ්ඩාරවෙල එන නිසා ඉන්ධන පිරවුම්හලක පෝලිම් වෙනස් කළා කියලා රටේ ජනතාව අතරට වැරදි මතයක්, එහෙම නැත්නම් බොරු කටකතාවක් ගෙනයාමට උත්සහ දරා තිබෙන බව මාධ්‍යවල මමත් දැක්කා. පළවෙනි කාරණය අපි යම්කිසි කාර්යයකට රාජකාරි මට්ටමින් හෝ පෞද්ගලික මට්ටමින් යනකොට කිසිසේත් සාමාන්‍ය ජනජීවිතය තුළ ජනතාව අපහසුතාවට පත්වන විදියට උත්සව හෝ වැඩසටහන් සංවිධානය කරන්නෙ නැහැ. යම් ක්‍රමවේදයක් තිබුණා නම් මේ උත්සවය නිසා හෝ අපි යන නිසා හෝ එය වෙනස් කරන්න කිසිසේත් ඉඩ තියන්නෙ නැහැ. මෙය සම්පූර්ණයෙන් ම හුදෙක් මඩ ගැසීම සඳහාත් ජනතාව නොමඟ යැවීම සහ ජනතාව අතරට බොරු ප්‍රචාරයක් යැවීමට ගත් උත්සහයක් විදියටයි මා දකින්නෙ. මේ තියෙන තෙල් හිඟයත් එක්ක අද මේ රටේ ජනතාවට පෝලිමේ ඉන්න සිද්ධවෙලා තියෙනවා ඒ ගැන අපි කණගාටුවෙනවා. ඒ පිළිබඳව අපි සමාව ඉල්ලනවා වගේම අපි වැඩපිළිවෙළක් හදලා තියෙනවා ක්‍රමානුකූලව ජනතාවට සහන සැපයීමට සහ මේ පෝලිම් නැති කර ජන ජීවිතය සාමාන්‍ය තැනට රැගෙන එන්න. මේක මේ අද ඊයේ වුණු කාරණයක් නෙවෙයි. දීර්ඝ කාලයක් මත පැවතගෙන ආ ක්‍රමවේදයක් මත ඒ වගේම ලෝක තෙල් මිල ඉහළ යාම, ලෝකයේ තිබෙන තෙල් හිඟය, අපේ රටේ තිබෙන ඩොලර්වල අඩුපාඩුකම් නිසා ඇතිවුණු සිදුවීමක්.

අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව මුදල් අමාත්‍යවරයා ජාත්‍යාන්තර සබඳතා උපයෝගී කරගෙන මිත්‍රශිීලි රටවල් සමග සාකච්ඡා කරමින් අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් මෙම තත්ත්වය ඉතාමත් ඉක්මනට සාමාන්‍ය තත්ත්වයට‌ ගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේවා ඇතුළේ යම්කිසි පිරිසක් උත්සහ කරනවා දේශපාලන වාසි ලබාගන්න. මේක මේ දේශපාලන වාසි ලබාගන්න කටකතා පතුරුවන වෙලාවක් නෙවෙයි. කටකතා පතුරුවලා ජනතාව කුපිත කර ගිනි තියාගෙන ජීවිත නැති කරගෙන දේශපාලන ආණ්ඩු ගත්ත යුගය දැන් අවසන්. පැය 10ක් විදුලිය නැතිව රටේ ජනතාව අපහසුතාවට පත්වෙලා ඉන්න මේ වෙලාවේ අපි කළ යුත්තේ කටකතා පතුරුවන එක නෙවයි. ඒ සඳහා අවශ්‍ය විකල්ප ක්‍රමවේද වලට අපි යා යුතුයි. අතිගරු ජනාධිපතිතුමා බලයට ආපු වෙලාවේ සිට පුනර්ජනනීය විදුලිය පිළිබඳව කතා කළා. පුනර්ජනනීය විදුලි බලයට අපි ගිහින් තිබුණා නම්, නියඟයක් ගැන, අධික උෂ්ණත්වය ගැන කතා කරන මේ වෙලාවේ උපරිමයෙන් පුනර්ජනනීය විදුලියෙන් ප්‍රයෝජනයක් අපිට ගන්න තිබුණා. තෙල් නැව්, ගල් අඟුරු නැව් එනකල් බලා නොසිට දැන්වත් ඉතා ඉක්මනට පුනර්ජනනීය විදුලියට අපි ගියොත් ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත ඊළඟ පරම්පරාවට මෙයට තිරසාර විසඳුමක් ලබාදෙන්න කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම ජනතාව මේ වෙලාවේ කටකතාවලට රැවටෙන්නෙ නැතිව ආණ්ඩුවේ නිශ්චිත වගකිව යුතු පුද්ගලයකු සිදුකරන ප්‍රකාශවලට විතරක් ඇහුම්කන් දෙන්න.

අපි දන්නාවා මේක අමාරු කාලයක්, අපහසු කාලයක්. එක එක අයගේ අවශ්‍යතාවන් ඉටු කරන්නෙ නැතිව මේ කාලසීමාවේ අපි එකතුවෙලා ඉදිරියට යන්න අවශ්‍යයි.මෙවැනි සිදුවීම්වලදී ජනතාවගේ ආවේගශීලිත්වය සාධාරණයි. මොකද තමන්ගේ දරුවෝ ගෙවල්වල ඉන්නවා. ඔවුන්ට පාඩම් කරන්න තියෙනවා. අව්ව සැරයි, රස්නෙයි. විදුලි පංකාවක් දාගන්න විදියක් නැහැ. ඒ වගේම රැකියාවලට යන අයට ඒ්වට යන්න විදියක් නැහැ. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩ කරන අයට ගෙදර ඉඳන් වැඩ කරන්න කිව්වත් (Work from Home) වැඩ කරන්න විදුලිය නැහැ. මේ කාරණා පිළිබඳව අපි සංවේදීව බැලිය යුතුයි.

විශේෂයෙන් අපේ පරම්පරාව, මට වඩා බාල පරම්පරාවට කොහොමත් ම විදුලි කප්පාදුව පුරුදු නැහැ. අපේ තාත්තලාගේ කාලේ නම් වැඩිහිටියන්ගේ කාලේ නම් 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව එනකල් හැමදාම පැය හතර පහක් විදුලිය කැපුණා. චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ පැය දහයක් විදුලිය කැපුණු අවස්ථා තියෙනවා. කරු ජයසූරිය හිටපු කථානායකතුමාට විදුබල අමාත්‍යවරයා විදියට ඉන්න කාලේ කරුවල ජයසූරිය කියලා කිව්වේ. ඒ කාලේ අයට මේක සාමාන්‍ය දෙයක්. හැබැයි අද පරම්පරාවට විදුලි කප්පාදුව කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඒ වගේම අද මේ රට අපි ඩිජිටල්කරණයට අරගෙන ගිහින් තිබෙනවා. ඒ නිසා කොවිඩ් 19 වසංගතයත් එක්ක හැමෝම වගේ ඩිජිටල්කරණයත් සමග තමන්ගේ වැඩ කටයුතු කරන්න පුරුදුවෙලා තිබෙනවා. එවැනි කාලසීමාවක විදුලි කප්පාදුවක් එනකොට ජනතාවට තරහා යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ සන්සුන්වෙන්න. තරහා ගියාට මේකට විසඳුමක් ලැබෙන්නෙ නැහැ. ගහගත්තාට, පාරට බැහැලා ගිනිතියා ගත්තට මේකට විසඳුමක් ලැබෙන්නෙ නැහැ. පෙට්ට්‍රල් ෂෙඩ් එකේ ඉන්න මහත්තුරුන්ට ආයතනවල ඉන්න ප්‍රධානීන්ට කෑගැහුවට තෙල් ලැබෙන්නෙ නැහැනේ.

ඒ නිසා සන්සුන්ව මේ ගමන අපි යන්න ඕන. වගකීමෙන් අපි කියනවා ආණ්ඩුවක් විදියට ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නෙ නැහැ. හැකිතාක් ඉක්මනට මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. වරද කවුද භාරගත යුත්තෙ නැත්තෙ කියන කාරණය නෙවෙයි හොයන්න ඕන. ඉතිහාසයට ගිහින් අර ඇමතිට මේක කරන්න පුළුවන්. මේ ඇමතිට කරන්න පුළුවන්. අර ජනාධිපතිවරයා මෙහෙම කළා නම් එහෙම වෙන්නෙ නැහැ. පුනර්ජනනීය විදුලි බලය ගෙනාවා නම් මෙහෙම වෙන්නෙ නැහැ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ එක මෙගාවොට් එකක්වත් දැම්මෙ නැහැ එහෙම දැම්මා නම් මේ සිද්ධිය වෙන්නෙ නැහැ කියලා අපි බොලේ පාස් කිරීම නෙවෙයි මේ වෙලාවේ කළ යුත්තේ. වරද කාගෙද කියන එක අපි මේ ප්‍රශ්නෙ ඉවර වුණාම හොයාගමු.

වගකිව යුතු ආණ්ඩුවක් විදියට ආණ්ඩුව වගකීම භාර අරගෙන මේ තත්ත්වයෙන් එළියට එන්න කටයුතු කරන්න ඕන සහ මේක ලංකාවට පමණක් ආවේණික වූ කාරණයක් නෙවෙයි . ඔබ දකිනවා යුරෝපයේ තෙල් පරිභෝජනය අවම කරන්න සමහර නගර පිටින් නිවාඩු දීලා තියනවා. සංඛ්‍යා ලේඛන නිවැරදි කිරීම්වලට යටත්ව මේ අවුරුද්දේ ජනවාරි මාසයේ 2019 ජනවාරි මාසයට වඩා පෙට්ට්‍රල්, ඩීසල්වල භාවිතය 30% කින් වැඩිවෙලා තියෙන බව අපි දැක්කා. 30%ක 40%ක ප්‍රමාණයකින් වූ මෙ වැඩිවීම අවම කරගන්නත් යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕන. සමහර රටවල් මේ වනවිට නිවාඩු දීලා, නගරවල සංචරණ සීමා දාලා. තෙල් පරිභෝජනය අවම කරන්න උත්සහ කරනවා. අපි ඒවගෙනුත් අත්දැකීම් අරගෙන ඉස්සරහට යන්න ඕන. දේශපාලන වාසි ලබාගැනීම සඳහා එකිනෙකාට බෝලේ පාස් කරගැනීම, ඇනකොටා ගැනීම, මේකෙන් අපි ඊළඟ නායකයා බිහිකරන්නම්, ඊළඟට අපේක්ෂකයෙක් අපි ගේන්නම්, අපේක්ෂකයෙක් හංගලා ගේන්නම් කියන යුගය දැන් ඉවරයි. මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳුනේ නැත්නම් එක එක අය නායකයා වුණාට මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ වෙලාවේ අපි කළ යුත්තේ මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න කටයුතු කිරීමයි’’ යැයි අමාත්‍යවරයා පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Post Views: 8
Previous Post

වතු සේවකයන්ට අසාධාරණව සැලකීම වලක්වන්න නව නීති ගෙනවා – ඇමැති නිමල්

Next Post

ලංකාවේ ප්‍රථම ජාතික කුළුබඩු උද්‍යානය අනුබද්ධ වෙළෙඳ සැල විවෘත කෙරේ 

editor

editor

Next Post

ලංකාවේ ප්‍රථම ජාතික කුළුබඩු උද්‍යානය අනුබද්ධ වෙළෙඳ සැල විවෘත කෙරේ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved