27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව පෙත්සම් ඉවතට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිමේ ගැසට් පත්‍රයට සහ මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය පැවත්වීමේ දින ප්‍රකාශයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත කිරීමට ශ්‍රේඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම පෙත්සම් වල නීතිමය පදනමක් නොමැති බව සදහන් කරමින් පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර ඇත.

ඒ සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

⁣දින 10 ක් පුරා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශව වල කරුණු දැක්වීම් ඊයේ (01) අවසන් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැත්ද යන්න පිලිබද තීන්දුව මීට ස්වල්ප මොහොතකට පෙර ප්‍රකාශයට පත් කරමින් මෙම තීන්දුව ලබා දෙන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *