27 April 2024
#දේශීය

හෙට(04) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

හෙට (04) දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් රජයේ නිවාඩු දීනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කල බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා නිවේදනය කළේය.

ඒ අනුව හෙට (04) රාත්‍රී 10.00 පසු ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.

ජුනි 06 වන සෙනසුරාදා සිට යළි දැනුම් දෙන තෙක් සෑම දිනකම රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රීයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *