27 April 2024
#දේශීය

ජූලි 21 පසු පෙට්‍රල් බෙදා හරිනවා – වැඩබලන ජනපති රනිල්

ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩබලන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ මැයි 13 වැනිදා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බවයි.

එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩුකර ගොවි ජනතාවට පොහොර ලබාදී රටේ ගෑස් හිඟයට විසඳුම් ලබාදුන් බව වැඩබලන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජූලි මාසය ඉන්ධන සැපයීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් වනු ඇති බව අවසන් මොහොතේ තමා පැහැදිලි කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, ඩීසල් තොග සුරක්ෂිත කර බෙදාහරින අතර ජූලි 21 වනදා සිට පෙට්‍රල් ද බෙදා හැරීමට නියමිත බවයි වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කලේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *