27 April 2024
#දේශීය

කිසිවිටෙක අරගලය පාවා දෙන්නේ නෑ – විපක්ෂනායක සජිත්

තමන් කිසිදු විටෙක අරගලය පාවා නොදුන් බවත්,ඉදිරියටත් එය වෙනස් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (18) පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සමඟ පැවැති සාකච්ඡාවෙිදිය.

මෙම සතිය තුළ මෙරට අනුප්‍රාප්තික ජනාධිපති වරයා පත් කර ගැනීමේ කටයුත්ත සිදු වන අතර අරගලයේ පුරවැසි කණ්ඩායම් විසින් ඔවුන්ගේ ස්ථාවරය විපක්ෂනායකවරයා වෙත දන්වා සිටියේය.

තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බව පැවසූ විපක්ෂනායකවරයා ඉදිරියටත් එය සිදු නොවන බවද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *