• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවට බැණ බැණ නොසිට ගෙදර මල් පොච්චියක හෝ වගා කරන්න – ඇමැති අමරවීර

16 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ගංවතුර තත්වය හේතුවෙන් එළවලු හිඟයක් ඇති විය හැකි බවත්, ආණ්ඩුවට බැණ බැණ නොසිට ගෙදර මල් පොච්චියක හෝ වගාවක් සිදු කර එළවලු හිඟයට විසදුමක් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) පෙරවරුවේ අනුරාධපුරට පැමිණ අටමස්ථානාධිපති, ආචාර්ය පල්ලේගම හෙමරත්න නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්හ.ඉන් අනතුරුව රුවන්වැලි චෛත්‍යයරාමාධිපති ඊතල්වැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගෙන රුවන්වැසි සෑ රදුන් වැද ආශිර්වාද ලබා ගත්හ.

එහිදී නාහිමිවරුන් දෙපළ විසින්ම මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්මයට දායක වීමේ මැලිකමක් දක්වන බවත්, ඒ සඳහා තරුණ පරම්පරාව යොමු කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ගොවිතැනට මෙරට කෘෂිකර්මය ගෙන යා යුතු බවත්, ගොවියා දිරිමත් කළ යුතු බවද පෙන්වා දුන්හ.

ඒ සඳහා නවීන තාක්ෂණය භාවිත කරමින් තරුණ කෘෂි ව්‍යවසාකයින් බිහි කිරීමේ ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බවද කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා මහනාහිමිවරුන්ට පැවසීය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතා, ” එළැඹෙන මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා, මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගැනීම උදෙසා පසුගියාද මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් මුණ ගැහුණා. ඒ වගේම අද දවසේ අටමස්ථානයේ මහා නායක හාමුදුරුවොත්, රුවන්වැලි සෑයේ මහා නායක හාමුදුරුවොත් බැහැ දැකලා ආශිර්වාදය ලබා ගත්තා.උන්වහන්සේලාගේ උපදෙස් අනුව මේ ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීමේ වැඩපිලිවෙලදියත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ, හැමදාම අපේ මහා සංඝරත්නයේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ ආශිර්වාදය ඉතාමත් වැදගත් වෙනවා, පසුගිය දින වල මං උතුරු පළාතේ සංචාරය කලා, ඒ අයගේ අදහසුත් අපි ලබා ගත්තා.මේ වසරේ සාර්ථක මහ කන්නයක් අපේක්ෂාවෙන් මේ සියලු කටයුතු සිදු කරන්නේ.ගිය යල් කන්නයෙත් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණා.ඒ නිසා යල කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුලුවන් වුණා, යම් යම් ප්‍රදේශ වලට නියඟය සහ ගංවතුර ආවත්, රට තුළ ආහාර නිෂ්පාදනය වැඩි කර ගන්න පුලුවන් වුණා.
මං ගොවි සංවිධාන මුණ ගැහුණා, ඒ අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි පොහොර හා ඩීසල් ටික වෙලාවට ලැබෙයිද කියන ප්‍රශ්නය, අපි ඒ අයගේ විශ්වාසය ගිය කන්නයෙත් තහවුරු කළා, ඒ නිසා පොහොර වර්ග තුනම දීලා සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුලුවන් වුණේ,මුළ්‍යමය සහනයකුත් දීලා.මේ වතාවේ කන්නය ආරම්භ කිරීමට ප්‍රථම අවශ්‍යය පොහොර ගබඩා වලට යවලා ගොවියන්‌ගේ විශ්වාසය ඇති කරමින් වගාව සාර්ථක කර ගන්න බලාපොරොත්තු වෙනවා.ගිය වතාවේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08 ක් ගේන්න වුණා රටේ තිබුණ තත්වය අනුව, නමුත් අපි පසුගිය මහ කන්නයත්, යල කන්නයත් සාර්ථකව සිදු කිරීම නිසා නියඟය හා ගංවතුරක් ඇති වුණත් අපිට ප්‍රමාණවත් තරම් සහල් තියෙනවා.ඒ නිසා සහල් ගේන්න යම් යම් ඉල්ලීම් ලැබුණත් අපි ඒකට ඉඩ දෙන්නේ නෑ,සාමාන්‍යය ජනතාව පරිභෝජනය කරන සහල් අපේ රට තුළ තියෙනවා.විදේශිකයින්ට හා සංචාරක ව්‍යාපාරයට අවශ්‍යය කරන කීරී සම්බා හිඟයක් තියෙනවා යම් ප්‍රමාණයක, බාස්මතී වගේ දේවල් හැරෙන්න, සාමාන්‍යය ජනතාව පරිභෝජනය කරන සහල් වල කිසිදු හිඟයක් නෑ.ඒවා රටින් ගෙන්වීමේ අවශ්‍යතාවක් නෑ. අලි මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී දෙපාර්තමේන්තුවත් සමඟ සාකච්ජා කරනවා, ඔවුනුත් වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා, අලි ප්‍රශ්නය විශාල වශයෙන් තියෙනවා මේ ප්‍රදේශ වල, ඒ සඳහා මේ වන විට මහාචාර්යවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා ජනාධිපතිතුමන්, ඒ කමිටුවෙනුත් යම් යම් යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා.කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මම කෘෂිකර්ම ඇමතිවරයා ලෙස පත් වූ පසු කිසිම අවස්ථාවක බාල පොහොර ගේන්න අපි ඉඩ දුන්නේ නෑ,ඒක ඉතාම වගකීමෙන් කියනවා.ඒවා කිව්වේ දේශපාලන නායකයෝනේ, රටේ කෘෂිකර්මයට තියෙන අභාග්‍යය තමයි සමහර වෙලාවට ගොවි සංවිධාන වලින් දේශපාලන නායකයෝ ගිහින් තියෙනවා.ඒ අය සම්පූර්ණයෙන් ගොවියා අඩපන කරන්න ගොවියා අධෛර්ය කිරීමේ ප්‍රකාශ නිකුත් කරනවා.ඒ වගේම රාජ්‍යය විරෝධී ඔවුන්ගේ හැගීම් ඉදිරිපත් කිරීම නිසා තමයි ඒ වගේ දේවල් කියන්නේ.ඒක හොඳට පැහැදිලියි.ගිය වතාවේ කිව්වා බාල පොහොර ගෙන ආවා කියලා, පොහොර වල පණුවෝ ඉන්නවා කියලා කිව්වා, පොහොර වල බර අඩුයි කිව්වා, පොහොර ප්‍රමාණවත් තරම් නෑ කියලා කිව්වා.මේ ඔක්කොටම මම කිව්වා තැන් තැන් වල කියන්නේ නැතිව මං තත්වය පැහැදිලි කරන්නම් ඔ්න නාලිකාවකට එන්න කියලා.ඒ ඔක්කොම මඟහැරියා, දේශපාලන වාසි ගන්න දේශපාලන නායකයොත් කිව්වා මේවා.දේශපාලන වාසි ගන්න කටයුතු කිරීමෙන් වෙන්නේ ගොවීන් අධෛර්යට පත්වීම,මම පහුගිය දවස් ටිකේ උතුරේ ඇවිද්දා එහෙ කිසි ප්‍රශ්නයක් නෑ, ගොවීන් ඉතාමත් හොඳින් කටයුතු කරනවා, කිසිම විවේචනයක් නෑ,ගොවීන්ට තියෙන අවාසනාවන්තම තත්වය තමයි මේ ගොවි සංවිධාන වලට දේශපාලඥයින් රිංගා ගැනීම හා ඔවුන් විවිධ විදිහට මාධ්‍ය වලින් කරන ප්‍රචාර, ඇත්තටම ගොවි සංවිධාන වලත් නෑ ඒ අය, පහුගිය දවස් වල මම ගොවි සංවිධාන සියල්ල මුණ ගැහුණා.මේ රූපවාහිනියේ කථා කරන අය ගොවි සංවිධානවල නෑ,ඒ අය පොඩි පොඩි ඒවා අටවාගෙන ඉන්නේ.ගොවීන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා කථා කරන්න ඔ්න අදාළ අංශ එක්ක.මං ඔ්න වෙලාවක ඔ්නම කෙනෙක් එක්ක කථා කරන්න සූදානම් , මගේ අමාත්‍යංශයත් විවෘතයි ඔ්න වෙලාවක ඒ අය හමුවෙන්න.

ගොවීන් සඳහා සාධාරණයක් ඉෂ්ඨ කිරීමට අයවැයට යෝජනා අපි ඉදිරිපත් කරලා තියෙනවා, ඒ පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.රාජ්‍යය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමේ අවශ්‍යතාවත් අපි පැහැදිලි කළා, ඒකත් ගොවීන්ට බලපානවානේ, කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයට මේ රට යන මට්ටමට, රස්සා නොකරන තත්වයට ඒන්නේ වැටුප් නැති නිසා ඒ නිසා රාජ්‍යය සේවකයින්ටත් යම් වැටුපක් වැඩි වෙන්න ඔ්න, ඒ වගේම සමස්ථ ජනතාවට සහනයක් ලැබෙන්න ඔ්න, නමුත් අවාසනාවට කොරේ පිටට මරේ වගේ, රුසියාවයි- යුක්‍රේනයයි යුද්ධ කර ගන්න අතරේ, දැන් ඊශ්‍රයලයයි, පලස්තීනයයි යුද්ධයක පැටලිලා, දැන් ඒකට තවත් රටවල් පැටලෙමින් යනවා, කොහෙන් මේක කෙළවර වෙයිද දන්නේ නෑ,මේ ඔක්කෝගෙම අවසාන ප්‍රථිපලය අපිට තමයි බලපාන්නේ.

පසුගිය නියඟයෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ලබා දීම නුදුරේදීම ආරම්භ කරනවා, ඒ වගේම මේ වන විට පවතින ගංවතුරෙන් හානි වූ වගාවන් තක්සේරු කරමින් යනවා, ඒ අයටත් යම් වන්දි මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා.මං රටේ ජනතාවගෙනුත් ඉල්ලන්නේ එළවලු හිඟයක් ඇති වෙන්න බොහෝ ඉඩ කඩ තියෙනවා මේ ගංවතුර තත්වය නිසා, ඒ නිසා ආණ්ඩුවට බැණ බැණ ඉන්‌නේ නැතිව ගෙදර තියෙන මල් පෝච්චියක හරි එළවලු ටිකක් හිටවා ගන්න පුලුවන් නම් හොඳයි, පලා ටිකක්, මිරිස් පැලයක්,තත්කාලි ගහක් ඉන්ද ගත්තොත් මේ වෙලාවේ මේ ප්‍රශ්නයට යම් විසදුමක් ලබා ගන්න පුලුවන්, ආණ්ඩුවටම බැන්නා කියලා මේ නියඟයටයි, ගංවතුරටයි කරන්න දෙයක් නෑනේ, කවුරුත් මේ වෙනුවෙන් කටයුතු කරමු යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 7
Previous Post

තඹ, පිත්තල සහ ඇලුමිනියම් රකින වැඩක් ඇමැති සියඹලාපිටිය අරඹයි

Next Post

ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමා කඩේ යනවා – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමා කඩේ යනවා - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved