27 April 2024
#දේශීය

ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමා කඩේ යනවා – රාජ්‍ය ඇමැති රෝහණ

ශ්‍රි ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමා කඩේ යන බවත් එය අන් කවරක් නිසා නොව ග්‍රාමිය සහ ජාතික තලයේ මෙරට ක්‍රිඩාව දියුණු කිරිම සදහා බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතලේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති වයස අවුරුදු 19න් පහළ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට එක්වු උකුවෙල ලෑලි අඹේ විද්‍යාලයේ යසන්ති සමන්තිකා හේරත් ක්‍රිඩිකාව පිළිගැනිමේ උත්සවට එක්වෙමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි මෙසේ සදහන් කළේය” විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් මෙන්ම ඇතැම් පිරිසක් විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරනවා.නමුත් හොද දේ දකින්නේ නැහැ.මාධ්‍යයත් එහෙමයි.නරක දේමයි දකින්නේ.එදා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගමට ක්‍රිකට් නමින් වැඩසටහනක් සිදු කළා.කොළඹට සහ පහසුකම් තිබු පාසල්වලට පමණක් සිමාවු ක්‍රිකට් ගම්බද පාසල් වලට රැගෙන විත් ග්‍රාමියව ඇති දක්ෂතා ඇති සිසුන් තෝරා ගැනිමක් සිදුකළා.අද වන විට එහි ප්‍රතිඵල ලැබිලා තියනවා.මේ ලෑලි අඹේ විදුහලෙන් බිහිවෙන්නේ එවැනි දරුවෙක් .ඒ නිසා අපි හොද දේ අගයන්න ඕන.මම මේවාට උදව් කරනවා.ඒ වගේම ක්‍රිකිට් ආයතනය විසින් සිදු කරන වැඩසටහන් සහ හොද දේට උදව් කරනනවා.ඒ රුපියල් සත ඩොලර්වලට නොවේ.අද වන විට මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රිඩාංගණ මෙන්ම අනෙකුත් ක්‍රිඩා පහසුකම් දියුණු කරන්න ක්‍රිකිට් අආයතනය එහි භාණ්ඩාගාරික සුජිව ගොඩලියද්ද මහතා උදව් කරනවා.මේවා ඉවසගන්න බැරි කුහක පිරිසක් විසින් මඩ අවලාද නගනවා.මේක දේශපාලනයේ වගේම සැම ක්ෂේත්‍රයකම තියනවා.වැඩ කරන්න බැරි පිරිසක් වැඩ කරන කෙනාට පහර දෙමින් කාලය ගත කරනවා.ඔවුන්ගෙන් සමාජයටත් පොදුවේ වැඩක් වෙන්නේ නැහැ.මේවා තේරුම් අරන් අපි ජිවත්විය යුතුයි.ඉදිරියේදි අපි මාතලේ ක්‍රිඩාංගණ රැසක් දියුණ කරනවා.ඒ තළින් ජාතික ජත්‍යෘන්තර තලයේ ක්‍රිඩකයින් බිහි කිරිම තමයි අරමුණ බවද අමාත්‍යවරයා පැවසිය.

සයන්ති හේරත් ක්‍රිඩිකාව වෙත වාර්ෂික ශිෂ්‍යත්වයක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් අතර මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ක්‍රිකිට් ආයතනයේ භාණ්ඩාගාරික සුජිව ගොඩලියද්ද, කාන්තා ක්‍රිිකට් කණ්ඩායමේ උපදේශිකා ඔලිම්පික් පදක්කම්ලාභි සුසන්තිකා ජයසිංහ,කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සංවර්ධන ප්‍රධානි රසාංජලි අල්විස් ,උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ,සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු මාරසිංහ යන මහත්ම මහත්මින් මාතලේ ක්‍රිකිට් සංගමයේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

මාත‍ලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *