මැදපෙරදිග සහ ඉරානයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳව ලියෝ පාප් වහන්සේ (Pope Leo XIV) ඉරිදා (01) දැඩි කනස්සල්ල පළ කළහ. ගැටුම්කාරී පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම “ප්‍රචණ්ඩත්වයේ දඟරය” (spiral of violence) “පියවිය නොහැකි අගාධයක්” (irreparable abyss) බවට පත්වීමට පෙර නතර කරන ලෙසයි.
“සාමය සහ ස්ථාවරත්වය ගොඩනැගෙන්නේ අන්‍යෝන්‍ය තර්ජනවලින් හෝ විනාශය වපුරන ආයුධවලින් නොව, සාධාරණ සහ වගකීම් සහගත සංවාදයකින් පමණි,” පාප් වහන්සේ පැවසූහ. තවද, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින ගැටුම සම්බන්ධයෙන්ද සාම සාකච්ඡා වෙත ආපසු හැරෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.














