• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල් යන මඟ පැහැදිලියි.. මෙරට නියත වශයෙන් ලෝකයේ ඉහල රටක් වෙනවා – මන්ත්‍රී වජිර

10 March 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යන ගමන් මාර්ගය පැහැදිලියි බවත් ඒ ගමන් මාර්ගය තුළ අපි සියලුදෙනාම ගමන් කළහොත් අපේ රට නියත වශයෙන් ආසියාවෙත්, ලෝකයේත් ඉහළ රටක් බවට පත්වන බව නොඅනුමාන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එක්සත් ලක්වනිතා පෙරමුණ විසින් පසුගිය 8 වෙනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශලාවේ සංවිධනය කර තිබූ කාන්තා දින සැමරුම් උතස්වය අමතමිනි.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා” කාන්තාවන් සවි බලගැන්වීමේ පනත ඊයේ මධ්‍යම රාත්‍රිය් සිට ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පියවර ගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධූරය දරන 2018 වසරෙදීත් කාන්තා ඔබ වෙනුවෙන්, ඔබේ ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්න පනත් ඉදිරිපත් කළා. නමුත් දින 52 නිසාත්, පාස්කු ප්‍රහාරය නිසාත් ඒ වැඩකටයුතු අඩපණ වුණා. කොහොම නමුත් ඊයේ මධ්‍යම රාත්‍රිෙය් ඉදිරිපත් කළ ඒ පනතේ වැදගත් කාරණා කිහිපයක්ම තිබෙනවා. කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවන්න කටයුතු කර තිබෙනවා මේ පනතට අනුව, ඒ වගේම කාන්තා අයිතිවාසිකම් සඳහා වන පාර්ලිමේන්තු කොමසාරිස් සහ කොමිෂන් සභාවකුත් ඒ පනත තුළ ගැබ් කර තිබෙනවා.

ඒ වගේම කාන්තාවන් සඳහා වන ජාතික අරමුදලක් පිහිටුවීමත් මේ පනත හරහා සිදුකරන්න තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කාන්තා දිනය දවසේ කාන්තාවන් වෙනුවෙන් ගත්ත වැදගත්ම තීන්දුවක් හැටියට මේ පනත අපිට සඳහන් කරන්න පුලුවන්. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේදී එතුමා තවත් පනතක් ඉදිරිපත් කරන්න තිබෙනවා. ඒ තමයි ස්ත්‍රී පුරුශ සමානාත්මතාවය පිළිබඳ පනත. දකුණු ආසියාවේ මෙවැනි බලසම්පන්න පනත් දෙකක් ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කර තිබෙන පළමු අවස්ථාව මෙයයි. මේ සෑම පනතක්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත්කර තිබෙන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි.

කාන්තාවන්ගේ ආරක්ෂාව සහ අනාගතය පිළිබඳ විවිධ අදහස් තිබෙනවා. අද ඉංජිනේරු ක්ෂේත්‍රය ගත්තොත් බහුතරයක් ශ්‍රී ලාංකික ඉංජිනේරුවෝ කාන්තාවන්. සිවිල් ඉංජිනේරු අංශය වෙන්න පුලුවන්, එහෙම නැතනම් කොමික්ල ඉංජිනේරු අංශය වෙන්න පුලුවන්, එහෙමත් නැතිනම් මෙකිනිකල් ඉංජිනේරු අංශය වෙන්න පුලුවන්, මේ සෑම ක්ෂේත්‍රයක්ම වෘත්තීය පැත්තෙන් කාන්තාවන් ආක්‍රමණය කරලා කියලා අපිට කියන්න පුලුවන්.
හෙදියක් ගත්තොත් සියයට 99.9 ක් පමණම කාන්තාවන්. ගුරු වෘත්තිය ගත්තොත් සියයට 99ක් පමණම කාන්තාවන්. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් සියයට 80 ක් පමණම කාන්තාවන්.
අනෙක් ක්ෂේත්‍ර දිහා බැලුවත් කාන්තාවන්ගේ වැඩිවීමක් තිබෙන බව අපට දකින්න පුලුවන්. මෙවැනි තත්ත්වයක් මත කාන්තාවන්ගේ ආරක්ෂාව ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මේ වෙනුවෙන් ප්‍රතිපත්ති නීතී රීතී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදරිපත් කරමින් ඒවා සම්මත කරගෙන තිබෙන්නේ.

මේ නීතීරීතීවලට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන්නේ ලංකාව නසි මාර්ගයේ ගෙනයන්න නම් අපි සියලුදෙනාම එකතුවෙලා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරමු කියලා. මොකද වෙනත් මාර්ගයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමබන්ධයෙන් අපි කෘතියක් නිකුත් කළා. ඒ කෘතියේ සටහන් වෙන්නේ 2021, 2022 සහ 2023 යන වර්ශයන්වල ශ්‍රී ලාංකික මාධ්‍යෙව්දීන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා දුටු ආකාරය පිළිබඳවයි.
උදාහරණයක් විදිහට ගත්තම වර්තමාන අපගේ දේශපාලන පක්ෂය ඇත්ත කියලා පරාජයට පත් වුණා. මෙසේ වුණු අවස්ථා ගණන විශාල ප්‍රමාණයක්. 94 දී ඇත්ත කියනවා, පරාජයට පත්වෙනවා. 2001 දී ඇත්ත කියලා බලය ලබාගන්නවා, 2004 දී නැවත එය අහිමි කරවනවා. ඒ වගේම දිගින් දිගටම සත්‍ය කියපු දේශපාලන නායකයාගේ නම ඇහුවොත් ඒ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා, 2014 දීත් රටේ ආර්ථිකය කඩා වැටිලයි තිබුණේ. ඒ අවස්ථාවෙත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සත්‍ය ප්‍රකාශ කළා. කෙසේ හෝ 2015 දී බලය ලබාගන්නත් හැකිවුණා. නමුත් 2019 වනවිට ඒ ආණ්ඩුවත් බොරු කියලා පෙරළලා දැම්මා.
මේ ක්‍රියාවලිය තුළ දුක් විඳින්න සිදුවුණේ ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාවටයි. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා කොයිම අවස්ථාවකවත් සත්‍ය ප්‍රකාශ කරන එක නැවැත්තුවේ නැහැ. පරදිනවා, නමුත් එතුමා ඇත්ත කියනවා.

ඇත්ත කීමේ ප්‍රතිඵලය වුණේ අපේ පක්ෂයේ නායකතුමාවත ගෙදර යවලා අපිවත ගෙදර යවන්න ශ්‍රී ලාංකික මහජනතාව ක්‍රියා කළා. පසුගිය මහමැතිවරණයෙන් අපිට ලැබුණේ එක ආසනයයි. මේ තත්ත්වය තුළ අපේ ඇතැම් පාක්ෂීකයන් කලබලයට පත්වුණා. නමුත් අපි කලබල නොවී අපේ පක්ෂයේ නියෝජිතයින් සියලුදෙනාම එකට එකතුවෙලා කිව්වා, හැමදාමත් සථය ප්‍රකාශ කළ අපේ නායකතුමා ඒ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු යා යුතුයි කියලා. මාස ගණනක් එම ආසනය හිස්ව තියලා 2021 මැයි 23 වැනිදා එම ආසනය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට ගියා. එතුමා එතැනින් නැවතුණේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාටත් ඇත්ත ප්‍රකාශ කළා. ඇතැම් අය එතුමාට උදව් කළා. ඇතැම් අය එතුමා විවේචනය කළා. මෙන්න මෙවැනි අවස්ථාවක තමයි 2022 වර්ශයේදී රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ. එතැනින් පස්සේ මේ ශාලාවේ ඉන්න කාන්තාවන්ටත් භූමිතෙල් බෝතලේ අතේ තියාගෙන ශෙඩ්වල පෝලිමේ ඉන්න වුණා. ගෑස් ටැංකිය ගන්න පෝලිමේ ඉන්න වුණා. මේ අවස්ථාවෙදීත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සත්‍යම ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ දේවල් නිවැරදි කරන්න කිසි කෙනෙක් ඉදිරියට එන්නේ නැති අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදරියට ඇවිත් අගමැතිකම බාරගෙන ශ්‍රී ලාංකික සමස්ථ මහජනතාවගේ වගකීම එතුමා අතට බාරගත්තා. පාර්ලිමේන්තුවේ බහුතරයක් එතුමා කියන දේ පිළිගෙන එතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය ලබාදුන්නා.

නමුත් මේ අතරවාරයේදී නැවත විශාල කලබලයක් රට තුළ ඇති වෙලා ජනතව කොළඹට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවසත් ගිනිබත් කරනවා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුනින් නැවතුනෙත් නැහැ. මේ කලබලය අතරවාරයේදී එවකට හිටපු ජනාධිපතිතුමා සිය ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. ඒ අවස්ථාවේදී තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩබලන ජනාධිපතිකම බාරගන්නේ. ඉන් සතියකට පස්සේ ඡන්ද 134 ක් ලබාගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි පසුගිය කාලය තුළ රට තුළ සිදුවන්නේ. කෙසේ වෙතත් දැන් රට නිවැරදි මාර්ගයේ ගමන් කරමින් තිබෙනවා. රට නිවැරදි මාර්ගයේ ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත් නිවැරදි තීන්දු තීරණ නිසයි. එතුමා අනිත් අය වගේ වගකීම් ගන්න පසුබට වුණේ නැහැ. එතමා සමස්ථ රටේ මහජනතාවගේ වගකීම බාරගත්තා. එතුමා රට නිවැරදි මාර්ගයට යොමු කරන්න කැප වී ක්‍රියා කළා.

අද රට ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. ඉදිරියේදී එන්නේ උත්සව සමය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2019 රට බාරදුන්නට පසු කිසිදු ජාතික උත්සවයක් සමරන්න ශ්‍රී ලාංකික මහජනතාවට අවස්ථාව උදාවුණේ නැහැ. නමුත් 2022 නැවත රට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තායින් පසු රටේ මහජනතාව තමන්ගේ ජාතික උත්සව සමරනවා. ඉතින් මින් ඉදිරියටත් අපි මේ ගැන ඉතා අවබෝධයෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. නැවතත් පසුගිය අවුරුදු 2ක කාලයක් තිබුණු පෝලිමේ යුගයට අපි යනවද? එහෙමත් නැතිනම් අපේ රටත් ලෝකයේ දියුණු රටවල් සමග ඉදිරියට යනවද කියලා රටේ මහජනතාව ලෙස ඔබ සිතා බැලිය යතුයි.

රටේ කාන්තාවන් වශයෙන් ඔබට මේ ගැන ලොකු වගකීමක් තිබෙනවා. පසුගිය කාලයේ තිබුණු ආර්ථීක අර්බුධයෙන් වැඩියෙන්ම අපහසුතාවයට පත්වුණේ කාන්තා ඔබයි. තවදුරටත් එසේ විය යුතු නැහැ.රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අවශ්‍ය කරන්නේ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඔසවා තැබීමටයි. ඒ වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම එතුමා මේ වනවිට ගෙනයමින් තිබෙනවා. එහිදී කාන්තාවන් වෙනුවෙන්ද අවශ්‍ය කරන අණපනත් සම්මත කරන්න එතුමා ක්‍රියා කර තිබෙනවා.එතුමා යන ගමන් මාර්ගය පැහැදිලියි. ඒ ගමන් මාර්ගය තුළ අපි සියලුදෙනාම ගමන් කළහොත් අපේ රට නියත වශයෙන් ආසියාවෙත්, ලෝකයේත් ඉහළ රටක් බවට පත්වන බව නොඅනුමාන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12,453
Previous Post

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Next Post

අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

අලවතුවල ගොවින්ට කෘෂි උපකරණ බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved