• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාබනික පොහොර ගැන ජනපති ගත් තීන්දුව රටේ පුරවැසියාගේ ජයග්‍රහණයක් – රාජ්‍ය ඇමැති රොෂාන්

21 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කාබනික පොහොර තීන්දුව ජනාධිපතිවරයා අනාගත පරපුර ගැන මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණය ගැන හිතලා ගත්ත තීන්දුවක් යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ ද පැවසීය.” පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුණ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා අනිවාර්යෙන්ම කාබනික වගාවට යනවා කියලා. එතුමාලා එතකොට පහුගිය කාලේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියලා තියෙන්නේ බොරුවක්ද කියලා දැන් අපිට හිතෙනවා . දැන් ගොවි ජනතාව කියනවා භාගයක් කාබනික පොහොරත් භාගයක් රසායනික පොහොරත් දුන්නහම ඇති කියලා . ඒ කියන්නේ මේ රට ජාතියක් විදිහට ලැබු ජයග්‍රහණයක්. ගොවි ජනතාවටත් අවබෝධ වෙලා තියෙනවා රසායනික පොහොර භාවිතය සුදුසු නැහැ කියන එක. පහුගිය කාලේ කාබනික පොහොර හදන්න රජය මුදල් දෙනකොට ඔය පක්ෂග්‍රාහීව කටයුතු කරන කඩාකප්පල්කාරීන් ඉතා සුළු පිරිසක් කුමන්ත්‍රණකාරීව මේ ගොවි ජනතාව අවුස්සමින් කටයුතු කරා .අපි දන්නවා ඒ අයත් රජයෙන් දුන්න රුපියල් 12,000 ක මුදල අරගෙන තියෙනවා. ඒ අය ඒ මුදල් අරගෙන පොහොර හැදුවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. කාබනික පොහොර ටිකට පොස්පරස් අපේම රටේ තියෙන නිසා එකතු කරන්න පුළුවන්කම තියෙනවා .අපි දැක්කා පොටැසියම් පොහොර නැවක් ගෙන්වනු ලැබුවා. නයිට්‍රජන් පොහොර දියරයක් විදිහට ගේනවා . මමත් ගොවි ජනතාව වෙනුවෙන් මහපොළොවේ සටන් කරපු දේශපාලන නියෝජිතයෙක් විදිහට කියන්නේ අපි කන්නයක් දෙකක් කරල බලමු. කන්නයක් කරල බලමු අස්වැන්න කොහොමද කියලා. මේකේන පොටෑසියම් සහ නයිට‍්‍රජන් දියර යොදලා.අපි දෙවැනි කන්නෙත් බලමු. යම් අසාර්ථකත්වයක් තිබුනොත් එතකොට මාත් ගොවියා එක්ක පාරට බහිනවා. හැබැයි මේ ජාතිය බේරගන්න ආරක්ෂා කරගන්න වකුගඩු රෝගයෙන්, පිළිකා රෝගීයෙන්, අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් මේ ජනතාව බේරගන්න ඕනේ මේ රසායනික පොහොර මඟින් එයට බලපෑමක් සිද්ධ වෙනවා .රසායනික පොහොර බලපෑම අඩු කරගන්න, පොහොර වලින් මිදෙන්න පුළුවන් නම් ඒක සුවිශේෂී කාරණයක් වෙනවා.ඒ නිසාමයි අනුර කුමාර දිසානායකත් කාබනික පොහොර වගාවකට යායුතුයි කියලා කියන්න ඇත්තේ කියලා හිතනවා, බොරුවට හරි. අපි ඉල්ලා සිටින්නේ ගොවි ජනතාවගෙන් කන්න දෙකක් කරල ඊට පස්සේ තීන්දුවකට යමු කියලා.මේ බංකොලොත් දේශපාලන කඳවුරෙන් අපි ඉල්ලන්නේ ගොවි ජනතාව නොමඟ යවන්න එපා කියලා
එන් පී කේ නයිට්‍රජන් පොටෑසියම් පොස්පරස් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ අපි සංවිධානය කරලා හමාරයි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා . අපිටත් තියෙනවා වගකීමක් අපේ ජාතිය බේරගන්න .ඒ නිසයි අපි කියන්නේ ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රසංසනීයයි කියලා. යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතා,උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්, පොලොන්නරුව දිස්ත්‍රික් අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

 

Post Views: 4
Previous Post

මෝටර් රථ සොයා ගත් අයෙකු අත්අඩංගුවට

Next Post

ගුරු සිසු සහභාගිත්වයකින් පාසල් රට පුරා විවෘත වුණා – ඇමැති දිනේෂ්

editor

editor

Next Post

ගුරු සිසු සහභාගිත්වයකින් පාසල් රට පුරා විවෘත වුණා - ඇමැති දිනේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved