27 April 2024
#දේශීය

ගුරු සිසු සහභාගිත්වයකින් පාසල් රට පුරා විවෘත වුණා – ඇමැති දිනේෂ්

අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට පුරා පාසල් විවෘත වු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට පුරා පාසල් විවෘත වූ අද දින මහරගම බෞද්ධ විද්‍යාලය, ඇතුළු පාසල් කිහිපයක අධ්‍යයන කටයුතු සහ සහභාගිත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට අනතුරුව අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට පුරා පාසල් විවෘත වුණා. දෙමාපියන් ඉතා ම උනන්දුවෙන් තමන්ගේ දරුවන් පාසලට රැගෙන විත් තිබෙනවා. ක්‍රමානුකූලව දුවා දරුවන් වෙනුවෙන් පාසල් සියල්ල ආරම්භ කිරීමට අප කටයුතු කරගෙන යනවා. මේ රටේ ලක්ෂ ගණනක් වන පාසල් දුවා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ කාර්යය මේ ආකාරයෙන් සාර්ථක ව ආරම්භ වීම සතුටු දායක යි. දීර්ඝ කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල්වල පන්ති පැවැත්වීමට නො හැකිවුණු කාලය අද දිනයෙන් අවසන් වුණා. දහස් ගණන් සිසු දරුවන් තම 6දෙමාපියන් සමඟ රට පුරා උතුරුකරයේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් සෑම පළාතක ම පාසලට පැමිණ පන්තිවලට සහභාගීවීමට කටයුතු කිරීම පිළිබඳ අධ්‍යාපන අමත්‍යංශයේ ස්තූතිය සහ කෘතවේදිත්වය ප්‍රකාශ කරනවා. එමෙන් ම විදුහල්පතිවරු, ගුරුවරු තම පාසල්වෙත පැමිණ මේ කාර්යය ඉටු කිරීමේ වගකීම සිසු දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම සඳහා රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ලබා දුන් උතුම් දායකත්වය ට නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටත්, පළාත් ආණ්ඩුකාරවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, රජයේ දෙපාර්තමේන්තු, දෙමාපියන් ඉටුකළ කාර්යයට ස්තූතිවන්ත වන අතර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අපේ රටේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි ලෙස අනාගතය ශක්තිමත් කරමින් වැඩි දියුණු කරමින් ඉදිරියට ගෙනයාමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බව සඳහන් කරන්නට කැමතියි. ඇතැමුන් ගෙනයන වැරැදි ප්‍රචාර දුරු කරන්නට සහයෝගය ලබා දෙන්න. නැවතත් අද දින තම දූ දරුවන් පාසලට එවූ දෙමාපියන්ටත් එම දරුවන් වෙනුවෙන් පාසල්වලට පැමිණි විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටත් අපි ස්තූතිවන්ත වෙනවා.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *