27 April 2024
#දේශීය

මෝටර් රථ සොයා ගත් අයෙකු අත්අඩංගුවට

වව්නියාව, බන්ධනාගාරය අසල ඊයේ (20) දහවල් නවතා තිබු මෝටර් රථයක් සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් සිදු කල මෙහෙයුමේදී මෝටර් රථය සොරකම් කර යමින් සිටිදී සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (21) දින වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *