• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොරොන්දු වු සියල්ල ඉදිරි වසර තුන තුළ ඉටු කරන බව ජනපති පවසයි

15 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ජනතාව ඉදිරියේ වසර පහකදී ඉටු කිරීමට පොරොන්දු වූ සියල්ල ඒ අයුරින් ම ඉදිරි තෙවසර තුළ ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, නුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද (15) පස්වරුවේ ජනතා අයිතියට පත් කරමින්.

කිලෝමීටර් 40.91කින් යුත් මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන “ඇතුගල්පුර පිවිසුම” මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල හා යග්ගපිටිය යන අන්තර් හුවමාරු 05කින් සමන්විතය.

මෙහි ඉදිකිරීම් සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 149කි. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදුකර තිබේ.

මීරිගම පිවිසුමේ දී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළහ. ජනාධිපතිවරයා, අගමැතිතුමා ඇතුළු මැති ඇමතිවරු එක්ව පීත්ත පටිය කපා මාර්ගය විවෘත කර ප්‍රධාන ජන හමුව පැවති කුරුණෑගල අන්තර් හුවමාරුව වෙත පිටත්ව ගියහ.

කොළඹ, නුවර අධිවේගී මාර්ගය අදියර තුනක් යටතේ සංවර්ධනය කෙරේ. පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37.9කින් සහ තුන්වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5කින් සමන්විත ය. කොළඹ සිට ගලගෙදර දක්වා වූ සමස්ත මාර්ගයේ ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

ගංවතුරින් වන හානිය මගහරවා ගැනීමට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසින් කිලෝමීටර් 10කට ආසන්න ප්‍රමාණයක් (25%) කණු මතින් ඉදිකර තිබේ. රථවාහන ධාවනයේ දී ඇතිවන ශබ්දය පාලනයට ද බාධක යොදා තිබීම විශේෂත්වයකි.

ගොවි පවුලකින් පැවත එන නායකයෙකු ලෙස සැම විටම ගොවියා රැකගැනීමට ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කරන බවට ජනාධිපතිවරයා සහතික විය. තමා බලයට පැමිණි අවස්ථාවේ පුරන් කුඹුරු අස්වැද්දූ තරුණයන් අමතක නොකරන බවත් ඔවුන්ට නැවතත් වගා සංග්‍රාමයකට එකතු වීමට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමා කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබීය.

මාධ්‍ය සමග තරගයක් නැහැ. අපි බලයට පැමිණ සිටින්නේ රට හදන්නයි. එහිදී සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වන්නැයි ජනාධිපතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීය. බොරු ප්‍රචාරයන්ගෙන් අධෛර්යමත් නොවී රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට එක්වන ලෙස සියලුම මහජන නියෝජිතයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

වර්තමානයේ ලෝකය, සමාජය, ඉතා වේගවත් ය. එබැවින් කාලයෙන් ප්‍රයෝජන ගැනීමට දියුණු ප්‍රවාහන පද්ධතියක් අත්‍යාවශ්‍ය බවත් ලෝකයේ දියුණු යැයි සම්මත රාජ්‍යයන්වල දියුණුවේ ප්‍රධාන සාධකයක් බවට විධිමත් ප්‍රවාහන පද්ධතිය පත්ව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

අධිවේගී මාර්ග තරම් විවේචනයට ලක් වූ ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. විවේචනය කරමින් අධිවේගී මාර්ගයේ ගමන් කරන අයගේ විවේචනයන්ට වචන වලින් පිළිතුරු දීමට වඩා අවශ්‍ය වන්නේ ක්‍රියාවෙන් පිළිතුරු දීම යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා තිබියදීත් ජනාධිපතිවරයා සංවේදී නායකයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගත් ආකාරය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිහිපත් කළේය.
ඉදිරි වසර තුන තුළ ජනාධිපතිවරයා රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ ගැන කිසිඳු සැකයක් ඇති කර නොගන්නැයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. රටේ සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා අපේක්ෂා කරන අයුරින් ඉලක්කගතව අධිවේගී සහ සෙසු මාර්ග පද්ධතිය සංවර්ධනය කර ජනතාවට භාරදෙන බවට අමාත්‍යවරයා සහතික විය.

මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීම නිමිත්තෙන් පැවති පාපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරිණ.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු හා ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 6
Previous Post

සමෘද්ධීලාභී ප්‍රතිලාභ කිහපදෙනෙකුගේ ජීවිත ගොඩනැගීමට පරිහරණය කරන්න – ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්

Next Post

නිවැරදි ක්‍රමය ආනයන ආදේශන කර්මාන්ත සහ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වැඩියෙන් බලගැන්වීමයි – කර්මාන්ත අමාත්‍ය විමල්

editor

editor

Next Post

නිවැරදි ක්‍රමය ආනයන ආදේශන කර්මාන්ත සහ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වැඩියෙන් බලගැන්වීමයි - කර්මාන්ත අමාත්‍ය විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved