27 April 2024
#දේශීය

සමෘද්ධීලාභී ප්‍රතිලාභ කිහපදෙනෙකුගේ ජීවිත ගොඩනැගීමට පරිහරණය කරන්න – ජනමාධ්‍ය අමාත්‍ය ඩලස්

මේවන විට සමෘද්ධිලාභී පිරිස ඉලක්ක කරමින් ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සදහා වඩාත් ඵලදායී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමත් වී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 02ක් සවිබල ගැන්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමෘද්ධිලාභී පවුල් වෙත ප්‍රතිලාභ ප්‍රදානය ඊයේ (14) තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදිය.

“එක් ගමකට එක් ව්‍යවසායකයෙක්” තේමාව යටතේ ප්‍රතිලාභීන් 32 කු සඳහා රුපියල් 3267813.00 ක් වටිනා උපකරණ සහ ප්‍රදේශයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රතිලාභීන් 16 දෙනකු වෙත රුපියල් ලක්ෂ හතර බැගින් වටිනා උපකරණ ප්‍රදානය කරනු ලැබීය. තවත් සමෘද්ධිලාභී පවුල් 43 ක් සඳහා රුපියල් ලක්ෂ 03 බැගින් වටිනා මුදල් සහ උපකරණ ද බෙදා දෙන ලදී.

වෙළෙඳ පොල ජය ගැනීමේ ඉලක්කය කරා ගමන් කිරීමේ අරමුණින් සමෘද්ධීලාභී පවුල් බල ගැන්වීම සැලසුම් කළ බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෑතකදී රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට පත්වීම් ප්‍රදානය සහ සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරන NVQ පාඨමාලාව හැදෑරූ සිසුන්ට සහතිකපත් ප්‍රදානයක් ද සිදු කෙරිණ.

කඹුරුපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු නියෝජිත, හිටපු පළාත් සභා මන්ත්‍රී චන්දන සිරිබද්දන, හිටපු පළාත්සභා මන්ත්‍රී හඳුන්නේ, හිටපු පළාත්සභා මන්ත්‍රී බිංදු වීරසිංහ යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *