27 April 2024
#දේශීය #පුවත්

ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝම්බර්වලදී !

2024 ජනාධිපතිවරණය එළැඹෙන ඔක්තෝම්බර් මාස පැවැත්වීමට බොහෝ ඉඩ කඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනිවාර්යෙන්ම ඉදිරිපත් වනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට පොදු ජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන් මේ වන විට පවසා සිටින්නේ එලැඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරඟ කරන්නේනම් ඔහුට සහාය පල කිරීමට කැමැත්ත පල කරන බවයි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙන්ම දිලිත් ජයවීර ද මේ වන විට පොහොට්ටුවේ සහාය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ. පොහොට්ටුවේ බහුතරය සහාය ලැබෙන කෙනා බොහෝ විට එළැඹෙන ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *