27 April 2024
#දේශීය #පුවත්

ඉඩම් බැහැරදීමෙන් මෙම වසර තුලදී රුපියල් බිලියන 9ක ආදායමක්  – නාගරික සංවර්ධන අධිකාරිය

ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමටත්, මෙම වසර තුලදී පමණක් රුපියල් බිලියන 9ක ආදායමක් උපයාගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. අයෝජන අවස්ථා සදහා මෙම ඉඩම් ලබා දීම සිදු කෙරෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනමින් සහ දීර්ඝකාලීන බදු පදනම යටතේයි.

මෙම ආයෝජන වැඩපිළිවෙල යටතේ බස්නාහිර, දකුණ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ව්‍යාපෘති 60කට වැඩි ප්‍රමාණයක් හදුනාගෙන ඇත. ඉන් ව්‍යාපෘති 24 ක් සදහා යෝජනා කැදවීම මෙම වසර තුළ සිදු කිරීමට නියමිතය.

කොළඹ කොටුව, වරකාපොළ, ගාලු කොටුව, අවිස්සාවේල්ල, තලවතුගොඩ, කොට්ටාව, ඒකල, මහනුවර, නාරහේන්පිට, නාවලපිටිය, බලංගොඩ, කොලොන්නාව, වැල්ලවත්ත, පාදුක්ක යන ප්‍රදේශ වල එම ව්‍යාපෘතිවලට අදාළව අදාළ ඉඩම් පිහිටා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *