• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

22 April 2020
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව බලකාය ස්ථාපනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනය පහත පරිදි වේ.

ලොව පුරා ව්‍යාප්ත කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ උද්ගත ආර්ථික හා සමාජයීය අභියෝග සහ ඉඩ ප්‍රස්ථාකෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනය සැලසීමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ වගකීම කාර්ය සාධක බලකායට පැවරෙයි.

“සෞග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත දර්ශනය පදනම් කර ගනිමින් නව ප්‍රවේශයක් ඔස්සේ මෙරටට අනන්‍ය වූ ආර්ථික රාමුවක් සකස් කිරීම මඟින් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අදාළ ආයතනවලට අවශ්‍ය මඟ පෙන්වාදීම කාර්ය සාධක බලකායට පැවරී ඇති ප්‍රමුඛ වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

දේශීය කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් දිරි ගන්වන ජනතා කේන්ද්‍රය ආර්ථිකයක් ස්ථාපනය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයක් වෙයි.

ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට සෞඛ්‍ය හා අධ්‍යාපන කාර්ය සාධක බලකායන්ගේ ක්‍රියාකාරිත්වය ද සැලකිල්ලට ගෙන සියලුම ආයතන සම්බන්ධීකරණය කරමින් නිෂ්පාදන බෙදාහැරීමට අවශ්‍ය පියවර ගැනීම ද ඊට පවරා තිබේ.

කිසියම් රාජ්‍ය සේවකයෙකු හෝ අමාත්‍යාංශයක්, රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් එබඳු ආයතනයක් කාර්ය සාධක බලකාය විසින් පවරනු ලබන රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිවරයා වෙත වාර්තා කරන ලෙස බලකායට විධාන කර ඇත.

2020 ජනවාරි 24 හා 2020 මාර්තු 24 දිනැති දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වූ කාර්ය සාධක බලකාය සහ 2020 මාර්තු 23 දිනැති කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති දිස්ත්‍රික්කවල සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සේවාවන් විධිමත් ලෙස කළමනාකරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමට අදාළ විධිවිධානයන් මේ සමඟ අවලංගු කෙරේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකාය වෙත පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා කාර්ය සාධක බලකායේ සභාපතිත්වය හොබවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා සහ ඩී.එස්. ජයවීර මහත්වරු සම ලේකම්වරු වෙති.

කාර්ය සාධක බලකායේ සාමාජිකයන්ගේ සම්පූර්ණ නාම ලේඛනය මෙසේය,

01-බැසිල් රජපක්ෂ මහතා – ජනාධිපති විශේෂ නියෝජිත

02-ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා – ජ්‍යෙෂ්ඨ නියෝජ්ය අධිපති ශ්‍රී ලංකා මහ බැංකුව

03-ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී/ යුද හමුදාපති

04-සී.ඩී. වික්‍රමරත්න මහතා -වැඩබලන පොලිස්පති

05-මේජර් ජනරාල් (විශ්රාරමික) ශාන්ත දිසානායක මහතා-සභාපති, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය
06-ජේ.ඒ. නුෂාඩ් එම්. පෙරේරා මහතා-සභාපති, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව
07-සුසන්ත රත්නායක මහතා-සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
08-ජයන්ත දි සිල්වා මහතා-සභාපති, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය
09-කිමාලි ප්‍රනාන්දු මහත්මිය-සභාපති, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
10-ජයම්පති මොල්ලිගොඩ මහතා-සභාපති, ශ්‍රී ලංකා තේ මණ්ඩලය
11-ප්‍රභාත් සුබසිංහ මහතා-සභාපති, අපනයන සංවර්ධන මණ්ඩලය
12-ඒ.විමලවීර මහතා-කම්කරු කොමසාරිස් ජනරාල්
13-එස්. සිංගප්පුලි මහතා-සමූපකාර සංවර්ධන කොමසාරිස්
14-රියාර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් මහතා- අධ්‍යක්ෂ ජනරාල්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
15-මේජර් ජනරාල් (විශ්රා මික) ජී. විජිත රවිප්‍රිය මහතා- අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව
16-බන්දුල තිලකසිරි මහත-අධ්‍යක්ෂ ජනරාල්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
17-සංජය මොහොට්ටාල මහතා-අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
18-මේජර් ජනරාල්(විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා- අධක්ෂ ජනරාල්, ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය
19-මහේෂ් ගම්මන්පිල මහතා-අධ්‍යක්ෂ, පොහොර ලේකම් කාර්යාලය
20-බුද්ධික මඩිහහේවා මහතා-සාමාන්‍යාධිකාරී, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව
21-රොහාන් සෙනෙවිරත්න මහත-අතිරේක සාමාන්‍යාධිකාරී, ලංකා විදුලිබල මණ්ඩලය
22-මනෝ සේකරම් මහතා-අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ නියෝජිතායතනය
23-මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා-
24-සංජිව ගුණවර්ධන මහතා-විධායක නිලධාරී, ඊ.ඩබ්ලිව්. ක්‍රේසි සහ සමාගම
25-සමන්ත කුමාරසිංහ මහතා-අධිපති, නේචර්ස් සික්‍රට් ආයතනය
26-මහේෂ් අමලියන් මහතා-සභාපති, මාස් හෝල්ඩිංග්ස්
27-ආචාර්ය රවී ලියනගේ මහතා- සභාපති, රයිගම් මාර්කටින් සර්විසස් (පුද්) සමාගම
28-පද්මලාල් විතානගේ මහතා-කළමනාකාර අධ්‍යක්ෂ, සැන්මික් සමූහ ව්‍යාපාරය
29-එස්.බී. දිවාරත්න මහතා-විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්
30-අග්‍රාමාත්‍ය ලේකම් හා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, මාර්ග සහ මහාමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා සහ පළාත් පාලන, වැවිල් කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, විදුලිබල හා බලශක්ති, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්රා මීය සංවර්ධන, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්, ආරක්ෂක, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතභාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශ ලේකම්වරු

Post Views: 1
Previous Post

කොරෝනා මර්ධනය වැඩසටහන අඛණ්ඩව

Next Post

ඇදිරිනීතිය ලිහිල්  කිරීමත් සමග විය යුතු දේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ උපදෙස් !

editor

editor

Next Post

ඇදිරිනීතිය ලිහිල්  කිරීමත් සමග විය යුතු දේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ උපදෙස් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved