27 April 2024
#දේශීය

ඇදිරිනීතිය ලිහිල්  කිරීමත් සමග විය යුතු දේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ උපදෙස් !

ඇදිරිනීතිය ලිහිල්  කිරීමත් සමග ජනජීවිතය ක්‍රියාත්මක කිරීම පිළිබදව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධක්ෂවරු/ පලාත් සෞඛ්‍ය සේවා අධක්ෂවරු/ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින්  හරහා නිසි සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමටත්, රෝහල් සත්කාර සේවා අඛන්ඩව පවත්වා ගෙන යාම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් නිකුත්කළ බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අද (22) කළ නිවේදනයක මේ බව සඳහන් වන අතර සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් වලට අනූව ප්‍රවාහන අංශය ක්‍රියාත්මක කිරිමටත්, නව ආසාදිතයන් හදුනා ගැනීම සදහා පරීක්ෂණ කටයුතු වලට අවශ්‍ය වන වෙද්‍ය උපකරණ හා උපාංග හිගයකින් තොරව පවත්වාගෙන යාම වැනි කාරනා වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව ද  නිලධාරීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය කටයුතු කළ බවත් එහි දැක්වෙයි.

අමාත්‍යවරිය මෙසේ සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර උපදෙස් නිකුත්කර ඇත්තේ  අද පැවති  විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව අවස්ථාවේ ය.

මෙහිදී නව රෝගීන් හදුනා ගැනීම සදහා කරනු ලබන පරීක්ෂණ ක්‍රම පිළිබදව, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ඇදිරිනීතිය ලිහිල් කිරීමත්  සමග වෛරස් ව්‍යාප්තිය, වෛද්‍ය උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, මගී ප්‍රවාහන කටයුතු සිදුකිරීම පිළිබදව හා රෝහල් සත්කාර සේවා කටයුතු අඛන්ඩව පවත්වා ගෙන යාම වැනි කාරණා පිළිබදව විශේෂයෙන් සාකච්ඡා වූ බවත් එහි සඳහන් ය.

කොවිඩ් 19  වෛරසය පාලනය කිරීම සදහා තව දුරටත් ගත යුතු විශේෂිත   ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්වි ඇත.

මෙම විශේෂ  කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර  දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වේ. 

මෙම අවස්ථාවට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව නියෝජනය කරමින් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල් ද අල්විස්, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරුන් වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වෛද්‍ය ලාල් පනාපිටිය, වෛද්‍ය පබා පලිහවඩන,යන මහත්ම මහත්මීන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිළධාරීන් පිරිසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *