ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් (Real Estate) ඉතිහාසයේ නව පෙරළියක් සනිටුහන් කරමින්, Prime Group සහ මෙල්වා (Melwa) සමාගම ඒකාබද්ධව දියත් කරන “Prime Marina” අති සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය පසුගියදා කොළඹ පෝට් සිටි (Port City, Colombo) පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මනරම් සාගර තීරයට සහ යාත්‍රාංගනයට (Marina) සෘජුවම මුහුණලා පිහිටි මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට දේශීය හා විදේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් 1,500කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම සුවිශේෂී රාත්‍රිය වර්ණවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අති දැවැන්ත 3D Animated Drone සංදර්ශනයක් ඉදිරිපත් කෙරුණු අතර, ඊට සමගාමීව කොළඹ නෙළුම් කුලුන ද “Prime Marina” සන්නාම වර්ණවලින් හැඩගන්වා තිබුණි. ක්ෂේත්‍රයේ නව විකුණුම් වාර්තාවක් තබමින් ව්‍යාපෘතිය ආරම්භයේදීම මෙහි නිවාස ඒකක 400කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විටත් විකිණී අවසන්ව ඇති අතර, ගෝලීය මට්ටමේ උසස්ම ප්‍රමිතියෙන් ඉදිවන මෙහි ආයෝජනය කිරීම ජාත්‍යන්තර ආයෝජකයින්ට අනාගතයට තැබිය හැකි හොඳම ආයෝජනයක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















