කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.
එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ජෙන්හොං මහතා ද එක්ව සිටියේය.
විදේශ සෘජු ආයෝජන ආකර්ශනය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛතාවයක්. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට ප්‍රබල නිදසුනක් බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.