27 April 2024
#සංවර්ධන

බන්ධනාගාරවල ඉඩ පහසුකම් කඩිනමින් සකස් කල යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනි කියයි

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින කළමනාකරණ ගැටළුවක් වී ඇත්තේ බන්ධනාගාර තුල පවතින සිරකරු තදබදය ඇතිව තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (22) එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලය (UNODC), ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව බන්ධනාගාර නිලධාරීන් සදහා කොළඹ මූවන්පික් (Movenpick) හෝටලයේ සංවිධානය කල කළමනාකරණ පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. එහිදී ඇය කියා සිටියේ රැඳවියන්ගේ තදබයට හේතුවක් වී ඇත්තේ රිමාන්ඩ් රැඳවියන්වන අතර, 20000ක පමණ රිමාන්ඩ් රැඳවියන් ප්‍රමාණයක් දැනට බන්ධනාගාරවල සිටින නිසා බවය.

මෙම තත්වය සමග කටයුතු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. බන්ධනාගාර කාර්ය මණ්ඩල හිගයද බන්ධනාගාර පද්ධතියෙහි පවතින තවත් ගැටළුවක් වන අතර ලෝකයේ දැනට භාවිතාවන ආකාරයේ බන්ධනාගාර කළමනාකරණ පද්ධතියක් හදුන්වාදී ඉදිරියට ගෙනයමින් උක්ත කී ගැටළු විසඳා ගැනීම අත්‍යාවශ්‍ය බවත් නව රජය තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් බන්ධනාගාර නවීකරණය කිරීම සදහා කැපවන බවත් රාජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තාමනී කරුණාරත්න, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චාබි , එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනාර් සිගර්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *