27 April 2024
#දේශීය

මහාචාර්ය ගංගානාත් දිසානායක දැයෙන් සමුගනි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13) සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරෙණි.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 62 කි. ඔහු දිගු කාලයක් තිස්සේ රෝගාතුරව සිට ඇති අතර මහරගම අපේක්ෂා රෝහලේදී පසුගිය 11 වනදා අභාවප්‍රාප්ත විය.

දේහය කොට්ටාව සම්බුද්ධි වත්ත පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත්කර තිබු අතර අද අවසන් කටයුතු සිදු කෙරිණි.

ඒ මහතා දේශීය මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා තිබේ. රුපවාහිනි සංස්ථාවේ සභාපති වශයෙන් ද කටයුතු කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *