27 April 2024
#දේශීය

අනුරාධපුරේ රේකෝඩ් තියන්නේ මමයි – ඇමැති චන්ද්‍රසේන කියයි

පිට පිට 4 පාරක්ම වැඩිම මනාප තමා විසින් ලබා ගත් බව ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා අද (13) සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් කියා සිටියේ තමාගේ මනාප රේකෝඩ් තමා විසින් බිඳ හෙලන පුද්ගලයෙකු බවයි.

එසේම අනුරාධපුරයේ තමන්ගෙම කණ්ඩායමේ පිරිස් විසින් මනාප පෙරයට විවිධ මඩ ව්‍යාපාර දියත් කල ද එයින් තමාට හානියක් සිදු නොවු බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉඩම් ගැටළු සම්බන්ධයෙන් තමා දිර්ඝ කාලයක් තිස්සේ දැනුවත් වු බවත් ඒ අනුව සිය අමාත්‍යංශය මගින් ජනතාවට අවශ්‍ය සේවාව මාස 2 ක් ඇතුලත කර ගැනීමට කටයුතු කරන බවයි.

එසේම ඇතැම් ඉඩම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වසර ගණනාවක් ගත වන අතර ඇතැම් පිරිස් මිය ගිය පසුවද ලබා ගත නොහැකි තත්ත්වය වාර්තා වු බව අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ක්‍රමය වෙනස් කර ඉඩම් බලපත්‍රය මාස 02 ක් ඇතුලත ලබා දීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *